(විජේරත්න රත්නායක )
බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පාසලක හය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් සිවු දෙනෙකු වරින් වර අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් එම විදුහලේ සංගීත ගුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
බදුල්ලේ පදිංචි මෙම ගුරුවරයා කිහිප අවස්ථාවකදී පාසලේ දැරියන් අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මව්පියන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව බදුල්ල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට ඇප දෙන්නේ කවුද?
මෙච්චර ඉක්මණට අැප ලැබුණාද?
මේ අයට ඇප දෙන්න හොඳ නෑ. අවුරුදු විස්සකට විතර බරපතල වැඩ සහිතව දාන්න ඕන දුර පළාතක හිරගෙදරකට. අමනුස්සයෝ. මව් කුසින් බිහිවුනා කියල අමතකයි. පොඩි දරුවෝ දුෂණය කරන්නේ.
මෙවැනි අපරාධ කල අය ශරීර ඇප මත මුදා හැරීම පිළිකුල් සහගත තත්ත්වයකි. විනිසුරුතුමන් හට වෙනත් කල හැකි දෙයක් නොතිබුණ නිසා මෙවැනි තීරණයක් ගත්තා විය හැක. දිනපතාම පාහේ අසන්නට ලැබෙන ළමා අපචාර හා සමාජ විරෝධී ක්‍රියා අනුව බලන කළ , මෙලෙස හෝ බුරුලක් නොලැබෙන අයුරින් චුදිතයාට පීඩනයක් ඇතිකරවිය හැකි අයුරින් වන නීතිමය ප්‍රතිපාදන සැකසීම කාලය එළඹ ඇති බව පෙනේ.
අපේ රටේ විතර ඇප කොළ ලියන අධිකරණයක් ලෝකේ කොහෙවත් නැහැ
චෝදනාව බරපතලයී ඒ උනාට තවම චුදිතයෙක් විතරයී උසාවියෙන් වැරදිකරු කරන තුරු නිවැරදි පුද්ගලයකු ලෙස තමයි සලකන්න වෙන්නේ. තවම පොලිස් පරික්ෂණ අවසන් නැත්නම් පොලිසියට පුළුවන් ඇප දෙනවට විරුද්ධ.මොහු නිවැරදිකරුවෙක් උනොත් ඔය දැන් දොස් කියන අයම කියයී අනේ අපරාධයක්නේ මේ අහිංසකයෙක් අවුරුදු ගණනාවක් නිකරුනේ හිරබත් කෑවේ කියලා.
සංගීතයෙන් රාග උගන්නන්න ගිහින් වෙන වෙන කාම රාග කරන්න ගිහින් වත්ද? කාම රාගයෙන් අන්ධ වෙච්ච සල්ලාලයෙක්ද?
ලාංකිකයන් කතා කරන්න අකමැති වුනත් අති බහුතරය ළමා කාලයේ දී ඥාතියෙක්, අසල්වැසියෙක් හෝ ගුරුවරයෙක් වැනි සමීපතමයෙක් අතින් අපචාරයකට ලක්වෙලා තියෙනවා, මේවා අමතක වී යනවා කියල හිතුවත් මානසිකව ඇති වෙන කැළල දීර්ඝ කාලිනව බල පානවා, වෙනස් විදියක මානසික ගැටළුවක්, තමන් ගැන හීනමානයක්, පසුබෑම් වැනි දෙයක් විය හැකියි, වඩාත් දුර දිග ගියොත් සියදිවි හානි කර ගැනීමක් හෝ දරුණු අපරාධ කරුවෙක් වෙන්නත් පුළුවන්, බටහිර රටවල ළමා අපචාර වරදකට අහු වුනොත් බ්ලැක් ලිස්ට් එකකට නම ඇතුලත් වෙනවා, මේ ලිස්ට් එකෙන් නම ඉවත් කෙරෙන්නේ දීර්ඝ කාලයකට පසුවයි , එසේම හොඳ රැකියාවක් ලබා ගැනීමත් ඉතාම අමාරුයි, මේ සිර දඬුවම් වලට අමතරව ලැබෙන දඬුවම්, මේ වගේ තද නීති අපේ රටටත් අවශ්‍යයි.
මෙයාට රජ කාලේ දඬුවම් උල තියන එක තමයි හරි.
කොබා මහත්තයෝ..., ඔහේගේ නමේ හැටියට දන්නවා වෙන්න පුළුවනි අපට වැඩියෙන්... කොහොම වුණත් අපේ රටේ දේශපාලනේට මේ වගේ ක්‍රියාකාරකම් නැතුව සුදුසුකම් ලබාගන්න අමාරුයි නේද? `සංගීතේ ප්‍රේමේ ආහාර වේ` කියලා බලන් ඉඳිමු මොකද වෙන්නේ කියලා !