(ප්‍රින්ස් රත්නායක)
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටළුව විසදීම සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේදී වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අද (19) පස්වවේ පැවති දෙවන සාකච්ඡාවද අසාර්ථක වී තිබේ.
කොමිෂන් සභ සභාපති ,එම ලේකම් ,උප සභාපති හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සමග විශ්වවිද්‍යාල වෘත්ත්තීය සමිති කමිටු නියෝජිතයන් 12ක් මේ සඳහා සහභාගී වු බව අනධ්‍යන සේවක වෘත්ත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.
මතුව ඇති ගැටළුව පිළීබඳව අදහස් දැක්වු මල්වත්ත මහතා
“සාකච්ඡා පවත්වන්න එන්න කිව්වට ඒ අය ළඟ කිසිම විසඳුම් තිබුණේ නැහැ. අපට කිසිම යෝජනාවක් නැහැ ඒ අයගෙන්. ඊයෙ උසස් අධ්‍යාපන ඇමැතිවරයා කීවා අද සාකච්ඡාවට ගිහින් එකඟතාවක් ඇති කරගන්න .මේ අය කියන්නේ බෑ. දෙන්න බෑ. අපිට යෝජනා කරන්න කියා.ඒ අයගෙ පැත්තෙන් මේ ප්‍රතිශතය දෙන්න පුළුවන් කියල කියන්නේ නැහැ. කේවල් කිරීම කියන්නේ දෙපාර්ශවයම එකඟතාවයකට එන්න ඕනෑ. ඇමතිතුමා කීවෙත් එකඟතාවකට එන්නෙ මුදල් අමාත්‍යාංශයේ හා කැබිනට් අනුමැතිය ලබා දෙනනම් කියා. නමුත් මේ අය කියනවා ඇමතිතුමා දන්නේ නැහැ තියෙන මුදල් ප්‍රමාණය කියලා. මේ ගැටළුව විසදෙනකල් අපි දිගටම වර්ජනය කරනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සල්ලි තියෙන්නේ මැති ඇමතිලව නඩත්තු කරන්න විතරයි. වෙන කිසිම දෙයකට සල්ලි නැහැ.
මෙයාලට බැරි නම් අපි එන්නම් වැඩට...
ලෙක්චර්ස්ලාට පිං සිද්ධ වෙන්න විභාග තිබ්බා. අපි අවුරුද්දෙන් වැඩි හරියක් ගෙදර...
මෙම අවාසනාවන්ත සත්‍යය වන්නේ මෙම සේවකයින් සඳහා අතිරේක දීමනාවක් ගෙවීමට මුදල් නොමැති බවයි. සියලුම රාජ්‍ය සේවකයින් සහ දේශපාලනඥයින් නඩත්තු කිරීම සඳහා බදු ගෙවන්නාට අතිරේක වියදම් දැරීමට සිදුවේ. සේවක ඇගයීම සහ රජයේ සේවයේ කාර්ය සාධනය නොමැතිවිට මෙම සේවකයින් සැබවින්ම වැදගැම්මකට නැත.
කෙසේවෙතත් උපාධිධාරීන් මෙන්ම උපාධි නොගත් අයත් විශ්ව විද්‍යාල වල ඉන්නවා.
සමස්තයක් ලෙස ගත කල සරසවි අනධ්‍යන සේවකයන් යනු සුදුසුකම් වලට සාපේක්ෂව ඉතා ඉහල වැටුපක් සහ දීමනා ගන්න කොටසක්. ඒ වාගේම අනෙක් රැකියාවන්ට සාපේක්ෂව බොහෝ අනධ්‍යන සේවකයන් කරන්නේ ඉතා සුළු වැඩ කොටසක්.
අනෙකුත් සියලුම රැකියා වලට සාපේක්ෂව ඔවුන් උපයා ගන්නවා. ඊට අමතරව ඔවුන් අතිකාලයෙන් උපයනවා. මෙය ඉතා අසාධාරණයි
මස්රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා. අහවල් පැත්තට පයින් ගහලා කියන්නෙ වැඩට පලයල්ලා. සිසුදරුවනි පපුවට අතතියලා කියන්නෙ මේ කාලකන්නි නිසා නාස්තිවන ඔබේ ජීවිත ගැන වැඩැහිටි අපට සමා වෙන්න.