ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් යම් අයෙක් ස්වාධීන අධිකරණයට පහර දෙන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපති කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතා ගෙන් පාර්ලිමේන්තුවේදී අද (21) ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති අධිකරණය පිළිබඳ පනතක් සම්බන්ධ විවාදයේදී සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ කතාව ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ කරුණු කතා කරමින් හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේය.
දිනේෂ් ගුණවර්ධන -
මගේ මිත්‍ර සහෝදර මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ ශේෂ්ඨාධිකරණයට , නඩුකාරවරයෙකුට අපහාස කළා. ආණ්ඩුවේ ප්රතිපත්තියද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ ?
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
මේක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තාම දන්නේ නැහැ
.
මහින්ද රාජපක්ෂ මහතා -
පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. මම මතක් කරනවා , ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා කළ ප්‍රකාශයක් නිසා එතුමාට රුපියල් 50,000ක් දඩ ගැහුවා . නිවැරදි කිරීමට යටත්ව පාර්ලිමේන්තුව පාවිච්චි කරලා යම් කෙනෙක් ස්වාධීන වූ අධිකරණයට මෙහෙම පහරදීම ගැන අපේ අවධානය යොමු කළ යුතුයි.
එදා මුලාසනයට ඒක නතර කරන්න තිබුණා. අධිකරණයට චෝදනාවක් තියෙනවා නම් විශේෂ යෝජනාවක් ගෙනත් ඒ ගැන විවාද කරමු. පාර්ලිමේන්තුව මීට වඩා උසස් විදියට වැඩ කළානම් හොදයි කියලා මම හිතනවා.
සභානායක -
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාට දඬ ගැහුවේ නැහැ . එතුමාට කිව්වේ පිනට ගෙවන්න කියලා . මම පාර්ලිමේන්තුවේ හිටියානේ , මේ අය තමයි අග්‍රවිනිශ්චකාරතුමිය එළෙව්වේ (මහින්ද රාජපක්ෂ මහතා දෙසට අත දික් කරමින්) ඔබතුමා එළෙව්වේ . අපි එදා ඒකට විරුද්ධව කතා කෙරුවා . මේ අය එළෙව්වේ.
පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය කිසිවිටෙකත් ඉල්ලා අස් කරගන්නේ නැතැයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේයෙ.
“ මා සභාවේ නැති අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා ඊයේ (20) මා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට වැරදී අර්ථකථනයක් දී තිබුණා. මම කිසිම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නම ප්‍රකාශ කළේ නැහැ . අධිකරණයට, නීතියට,අපහාස කළේවත් , අභියෝග කළේවත් නැහැ.
මා ඊයේ කී සෑම වචනයකම වගකීම මා භාරගන්නවා . කිසි විටෙකත් එය ඉල්ලා අස්කරගන්නේ නැහැ .මිනිමරුවන් , කුඩුකාරයින් , හොරුන් , එළියේ ඉන්නා බවත් , දේශපාලකයින්ගේ , පුජ්‍ය පක්ෂයේ හා ජනතාවගේ වරදින් එය වී ඇති බවත් මාගේ කතාවේ මුඛ්‍ය අර්ථය වුණා. නීතිඥයින් හොරුන් බේරන නිසා තමයි හොරු එළියේ ඉන්නේ. ඒ බව මම නැවත නැවතත් ප්‍රකාශ කරනවා “ යැයි රාමනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අගවිනිසුරුවරියක් සදාචාර විරෝධීව, නීතිවිරෝධීව අස්කළේ කව්ද? කමන්ගේම කෙනෙක් අගවිනිසුරු කරලා නීතිය විනාශ වුණා මදිවට දැන් සුද්දවන්තයින් වෙන්න හදන්නේ. රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ...?
දැන් ස්වාධීන අධිකරණයක් තියනවා කියලා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්තිරී මහින්ද රාජපක්ෂ මහාතා පිලිගෙන ඇති අතර එදා මේ රටේ අධිකරන තින්දු ගත්තේ අරලිය ගහ මැදුරේ සිට බව එතුමාට අමතක වීම කණගාටුවට කරුණක්වේ
මහින්ද කොහොමත් මේවට බයයි , ඒ දවස්වල FCID ට බැන බැන හිටියා ඒක නීති විරෝධි කියල දැන් ඉක්මනටම හොරකම් කරපු නඩු කඩිනම් කරන එකට එය ඔය තරම් බය ? අඳුරේ පව් කරන එක දහවලට සාප කරනවා !
පාර්ලිමේන්තුවේ 225 ම රන්ජන් රාමනායකලා වුනානම් තව අවුරුදු 10 කින් ලංකාවේ ඒකපුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 20000ක් වෙනවා වෙනවමයි. රටට සහ ජනතාවට ආදරය කරන මිනිස්සු විතරක් අනාගතයේ උපදීවා කියලයි මං හැමදා ප්‍රර්ථනා කරන්නේ.
මහින්ද මහත්තයා ඒ.පාර නං හත් පොළේ ගාව ගත්තා .
අබ කෑ මිනිහගේ මොලේ දනවලු නේ.
නීතිඥයින් පිට කණපිට කරනහැටි ඉතිහාසයේ ඕනෑතරම් තියනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් කෙනමන් නීති වුර්තියේ කරපු ඇත්ත නැත්ත ගැන සමාජයේ බොහෝ කථා පවතිනවා. උදා, ගොයම් කොලේ කතාව? තව සමහරු අධික මුදල් ප්‍රමාණයක් සේවාදයකයගෙන් ලබාගෙන විවිද පුද්ගලයන්හට ලබාදෙන බවද, අප්‍රකට රහසකි. ඒ ගැන කොයි කොයි දෙනාත් නොදන්නවා නොමෙයි නේද ?
රජ්ජුරුවෝ පැලැන්තිය නීතියට යටත් වෙන්ඩ කැමති නෑ..... මහා රජා කියලා මොකෝ.
පොහොට්ටුවන්ට අනුව අධිකරණය බොහොම සාධාරණ,යුක්තිය කාටත් සමව ක්‍රියාත්මක වෙනවා නම් ඇයි මේ ගොටභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වලක්වන තහනම් නියෝග අරන් කුස්සිය මුල්ලේ හැඟෙන්නේ? ෆොන්සේකා වගේ උසාවිය ඉදිරියට ඇවිත් තම නිර්දෝෂී බව ඔප්පු කරන්නේ නැත්තේ?
නීතිය, සාධාරණත්වය, සත්‍ය යුක්තිය හමුවේ සැම එක සමානය. එයට ඉහලින් යන්නට මොන තනතුරක හෝ සිටින කෙනෙකුට නොහැකිය. ඉහල තනතුරක වැජබෙන අයෙකුට මේවාට ඉහලින් යා නොහැක. රන්ජන් රාමනායක ගරු මන්ත්‍රී තුමාගේ කතාව අපි අගය කරමු.
අසව්! අසව් !! අධිකරණයේ අසහාය අයිතිකාරයා කතා කරයි!