( ජුඩ් සමන්ත)
දික්ඕවිට ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුරදියඹේ ගිනි ගනිමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සදහන් කරයි.
එකම ව්‍යාපාරිකයෙකු විසින් ධීවර අමාත්‍යංශය මගින් ලබා දුන් සහනාධාර යටතේ “ජනත් පුතා 1” සහ “ජනත් පුතා 2” නමින් ධීවර යාත්‍රා දෙකක් නිෂ්පාදනය කර එම යාත්‍රා දෙකම අද (22) මංගල ගමන පිටත් වී ටික වේලාවකින් මෙම අනතුරට මුහුණ දී ඇත.
මෙම යාත්‍රාවේ දිග අඩි 60 කි. වටිනාකම රුපියල් කෝටි 03ක් බවද කියයි.
ජනත් පුතා 2 යාත්‍රාවේ ගමන් කරමින් සිටි ධීවරයින් ඒ සමඟ ගමන් කරමින් තිබූ ජනත් පුතා 1 යාත්‍රාවේ සිටි ධීවරයින් විසින් බේරා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කනගාටුදායක පුවතක්.. අපේ රටේ යමක් නිපදවීමට ගත් උත්සාහය ගැන ඉතාමත්ම සතුටු වන අතර මේ පසුබෑමෙන් උකටලී නොවී දිගටම යාත්‍රා නිපදවන ලෙස ඉල්ලා සිටින අතර රජයෙන් මේ විනාශවූ යාත්‍රාවේ වියදමට යම් සහනයක් ඒ ව්‍යාපාරිකයාට ලබා දෙන්නේ නම් අගනේය.