සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා බුලත්සිංහල එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වි තිබේ.
සිය තීරණයට අදාළ ලිපිය තෙවරප්පෙරුම මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.
- 044
ගරු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක,
රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
සිරිකොත මන්දිරය,
කෝට්ටේ පාර,
පිටකෝට්ටේ.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
මා නියෝජනය කරනු ලබන මැතිවරණ බල ප්‍රදේශය වන බුලත්සිංහල ආසනයේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි.
2002 වර්ෂයේ මතුගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මා ජනතාවගේ සිතුම් පැතුම් තේරුම්ගෙන කැපකිරීමෙන් කටයුතු කළ නිසා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තුන්වරක් ද මතුගම හිටපු ආසන සංවිධායක කළුතර දිස්ත්‍රික් නායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය හැරගිය අවස්ථාවේදී පැවති පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් සොයාගත නොහැකි අවස්ථාවේදී මා පළාත් සභාවෙන් කොන්දේසි විරහිතව ඉවත් වී පළාත් පාලන මැතිවරණයට තරග කර මනාප ඡන්ද 11900ක් ලබාගෙන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස පත්විය.
පළාත්සභා මන්ත්‍රීවරයෙකු හැටියට පක්ෂය වෙනුවෙන් සිරගත වී සිටියදී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර එක්සත් ජාතික පක්ෂයෙන් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස පත්විය.පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප 118128ක්(එක්ලක්ෂ දහඅටදහස් එකසිය විසි අටක්) ලබාගෙන නැවත කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.
2006.10.26 දින සිට මතුගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයා ලෙස පත්වීම ලැබ සංවිධාන කටයුතු සිදුකිරීමට සිදු වුයේ කළුතර දිස්ත්‍රික්කයේ සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් වරදාන වරප්‍රසාද වලට පක්ෂය හැරදා යද්දී ජීවිතය පවා පරදුවට තබා නඩුහබ වලට පැටලී අවුරුදු ගණන් සිරබත් කමින් විශාල කැපකිරීමක් කර පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට සිදුවිය.
පක්ෂය විසින් භාරදුන් මතුගම ආසනයේ සංවිධායක ධූරයේ වගකීම මා විසින් නිසියාකාරව ඉටුකිරීමේ සහතිකය මතුගම ආසනයේ ජනතාව මට ලබාදුන්නේ මතුගම ආසන සංවිධායක ධූරයෙන් මා ඉවත් කර කෝටිපති ව්‍යාපාරයෙකු සංවිධායක ලෙස පත්කර, ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී කෝටි ගණන් වියදම් කරද්දී සත පහක් වියදම් නොකර මතුගම ආසනයේ මා විසින් ස්ථාන තුනක පමණක් වතු රැස්වීම් තුනක් පවත්වා මනාප 28402ක් ලබාගෙන මතුගම ආසනයේ පළමුවැනියා හැටියට දිනුවෙමි.
ඉන්පසු මා හට ආසන සංවිධායක ධූරය ලබාදුන්නේ කළුතර දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය වැඩි ඡන්ද අඩු කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ආසනය වන බුලත්සිංහල ආසනයයි.බුලත්සිංහල ආසනයේ සංවිධායක ධූරය මා හට ලබාදෙන විට මුළු ආසනයේම ඡන්ද ප්‍රතිශතය 8000ට බැස තිබුණි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 38000 දක්වා නැගී තිබුණි.එම අවස්ථාවේ සංවිධායක ධූරයේ පත්වීම් ලිපිය මා භාර නොගත්තත් පක්ෂයට කරන යුතුකමක් හැටියට පසුගිය ජනාධිපතිවරණයේදී බුලත්සිංහල ආසනයේ සංවිධායක කටයුතු ඉතා ඉහලින් ඉටු කළෙමි.මෙම වර්ෂයේ ද බුලත්සිංහල ආසනයේ සංවිධායක ධූර පත්වීම් ලිපිය භාර නොගත්තත් පැවති පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය ජයග්‍රහණය කරදීමට උපරිම කැපකිරීමක් සිදු කරන ලදී.නමුත් පක්ෂයක් හැටියට පාක්ෂිකයින්ගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට කටයුතු නොකිරීම නිසා එහි දඩුවම 2018 පෙබරවාරි 10 දින පොදුවේ අප හැමට විදීමට සිදු විය.
නායකතුමනි,
නමුත් ක්‍රියාකාරී මහජන නියෝජිතයෙකු ලෙස බුලත්සිංහල ආසනය මුල් කරගෙන කළුතර දිස්ත්‍රික් ජනතාවට පක්ෂ පාට,ජාතිභේද,කුලභේද,ආගම්භේද නොසලකා විශාල සේවයක් ඉටු කළෙමි.පසුගිය දිනවල ගංවතුර හා නාය යාමේ අවස්ථාවලදී ජීවිතය ගැන පවා නොතකා පස්කදු වලට යටවී මියගිය අය ගොඩ ගනිමින් රාජ්‍ය අනුග්‍රහය නොමැතිව ඉතා අසරණ වූ බුලත්සිංහල ආසනයේ ජනතාවට සහ ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට සියලුම පහසුකම් ලබාදුනි.එම කැපකිරීමට රටේ ජනතාවගේ මෙන්ම ලෝකප්‍රජාවගේ දැඩි ප්‍රසාදයට ලක්විය.නමුත් බුලත්සිංහල ආසනයේ ජනතාව එම කැපකිරීමට දුන් සහතිකය නම් මා නායකත්වය දුන් බුලත්සිංහල ආසනයේ ප්‍රාදේශීය සභා දෙකම පරාජය කරවීමයි.ඇමතිධූර දරමින් ආණ්ඩු බලයක් තිබියදී ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීමට නොහැකි වීම ලජ්ජා සහගත කරුණකි.
ගරු නායකතුමනි,
දෙවන කාරණය නම් යහපාලන රජයක් බිහිකිරීම වෙනුවෙන් මාගේ දරුවන් දෙදෙනෙකුගේ ද ජීවිතය පුජා කිරීමට සිදුවිය.නමුත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙසද,බුලත්සිංහල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිගේ ක්‍රියා කලාපය නිසා මා හා එක්සත් ජාතික පාක්ෂිකයින් සැවොම දැඩි සේ අපහසුතාවයට පත් විය.තවද ඔහුව ඉවත් කර ගුණවත් පොලිස් නිලධාරියෙකු ගෙන්වා ගැනීමට දින 100 අපගේ පාලන කාලයේ සිට කොතෙක් උත්සහා දැරුවද අද වනවිටත් එය ඉටු කරගැනීමට කිසිම වගකිවයුත්තෙකුගේ සහාය ලැබුනේ නැත.මෙම කරුණු දෙක මත තව දුරටත් බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතු සිදු කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව මාගේ හැගීමයි.
එම නිසා බුලත්සිංහල ආසනයේ සංවිධායක ධූරයේ වගකීම මා හට නොපවරා කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ද්‍රවිඩ ජනතාවක් ජිවත්වන ආසනයක් හැටියටත් ඉතාමත්ම දුගී දුප්පත් ජනතාවක් ජිවත්වන ආසනයක් හැටියට තේරුම්ගෙන වගකිව යුතු සංවිධායකයෙකු පත්කර බුලත්සිංහල ආසනයේ සංවර්ධන කටයුතු ඉටුකර දෙන මෙන් ඔබතුමාගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වී අමාත්‍යධුරයක් දැරීම සුදුසු නැත්නම් අමාත්‍යධුරයද භාරගන්නා මෙන් කරුණාවෙන් දන්වා සිටිමි.
ස්තුතියි!.
මෙයට විශ්වාසී,
පාලිත තෙවරප්පෙරුම(පා.ම.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් 51 දැන් 52ක් වෙයිවත්ද? සන්ධානයේ 4 ක්ම අත්සන් කරලලු. එතකොට කවුද කෙනෙක් අර දිනපතා නඩු අසා දූෂිතයන්ට දඬුවම් දීම කඩිනම් කිරීමේ මහාධිකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට විරුද්ධව උසාවි ගිහින් තියෙන්නේ එයා නාගරික සංවර්ධන වැඩ වලට අණ දෙමින් හිටපු කාලේ මොකද්දෝ ආයතනයක් සමග කරන ලද රු. මිලියන 22 ක දූෂණයක් හෙළිදරව් වීම වැළැක්වීමට කියල අර හන්දියේ මිනිස්සු කතාවෙනව ඇහෙනවා. අනේ රටට ගිය කලක්.
පාලිත තෙවරක් පෙරැම යනු ඉතා අගනා සෙවයක් කරන ගුන ගරැක මහත්මා දෙසපාලනය කරන මහත්මයකි අසාදාරනයට නැගි සිටින මිනිසකි එ වගේ මහත්මයෙක් යන්න හැර බලාසිටිම පක්ෂයට මහත් කෙදවාචයකි
කනගාටු දායක තත්වයක්. ඔහු මහජනයා අතර ගැවසෙන, මහජන ප්‍රශ්න වෙනුවෙන් නොසැලී ඉදිරිපත් වෙන කදිම මහජන නියෝජිතයෙක්. පක්ෂයේ කටයුතුවලින් ඔහු කලකිරී ඇත් නම්, ජනතාව ගැන කුමන කතා ද?
සජිත් ප්‍රේමදාසත් යනවා නම්... ඉතිරි ටිකත් හරි ... පක්ෂය ඉවරයි.
පාලිත මහතාට බුලත්සිංහල එපා වෙලා නෙවෙයි, එජාපය එපා වෙලා ලෙසට නිවැරැදි විය යුතුයි. තමන් නියෝජනය කරන ආණ්ඩුවෙන් තමන්ටම වැඩක් නැතිබව එතුමාටම වැටහිලා වගේ...
ජනතාවට අවශ්‍ය බුද්ධමතකු උගතකු ම්ස නළුවන් නොවේ. පසුගිය කාලයේ ඇතැම් හැසිරීම් දේශපාලුවෙකුට මිස දේශපාලකයකුට සුදුසු නොවේ බුලත්සිංහල බුදධිමතුන් එය තේරුම් ගෙන ඇත. අනෙකුන්ගේ ආත්ම ගරුත්වය රකින්නට, වගකීම් සහිතව කටයුතු කරන්ඩ දැන්වත් ඉගෙනගමු