ජුඩ් සමන්ත සහ ඉන්දිකා රාමනායක
“අයිස්” නමින් හඳුන්වන මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.
මදුරන්කුලිය - කරිකට්ටියේ සිට කොළඹ දක්වා වෑන් රථයකින් රැගෙන යමින් සිටින විට මෙම මත් ද්‍රව්‍ය තොගය හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ඇති බවට සැකකරන මෙම මත් ද්‍රව්‍ය තොගය මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සගවා තබා ගෙන සිට කොළඹ දක්වා රැගෙන යමින් සිටින්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලිසිය පවසයි.
ඡායාරූප - රොවන් පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණ කර අත්වැසුම් පළදින්න .
මුන්ව මරන්න . මෙය බයානක මත් ද්‍රවයකි . කාලකන්නි දෙස පාලකයෝ රට කනවා . නීතියක් නැහැ.