රවී ලියනගේ
අකුරැස්සේ සිට කොළඹ බලා රැගෙන යමින් තිබු කසළ තේ තොගයක් පැටවූ කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අධිවේගී පිවිසුම අසළදී අද (22) අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කසළ තේ කිලෝග්රෑම් 5494ක් තිබී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා කසළ තේ පැටවූ කන්ටේනරය සහ රියදුරා ඉමදුව පොලිසියට බාර දුන් බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොළේ නිලධාරීන් ප්රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් හිතුවේ ලෝකයේ හොඳම තේ තියෙන්නේ අපේ රටේ කියලා...
කසල තේ කියල ඉතින් ඔව්ව ඇල්ලුවට අපේ ලංකාවේ වැසියෝ 99.9% ක්ම බොන්නේ කසල තේ තමයි, OP තනි තේ දල්ල, BOP ලොකු කැබලි තේ දල්ල, BOPF කුඩා තේ දළු කැබලි, අපේ අය බොන්නේ තේ කුඩු (tea powder) ඒ කියන්නේ හලලා හලලා ඉතුරුවෙන ජරාව තමයි ඔය ලොකු ලොකු නම් ගහගෙන කොම්පැනි ලංකාවේ විකුනන්නේ, එත් ඉතින් ඔය ලංකාවේ කොම්පැනි වල පෙට්ටිම පිටරට වෙළඳපොලේ තියනවා, එත් ඔය අපි බොන ජරා කුඩු නෙමෙයි, නියම තේ, අපේ ලංකාවේ මිනිස්සු තේ බිව්වට තම තේ ගැන දන්නේ නැහැනේ, ඉතින් රස කර කර හැමදාම ජරාව බොනවා, ඔබට ශාතුටුයිද ???