රහස් පොලිස් අධ්යක්ෂ ගැන තීන්දුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමෙන් අද ගනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 August 2017
ජාත්‍යන්තර රන් සම්මාන දිනූ රුවින්ද්‍යා අධ්‍යාපන ඇමැති හමුවෙයි රටවල් 80ක් නියෝජනය කරමින් අගෝස්තු මස ජපානයේ පවත්වන ලද ’’ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය’’ චිත්‍ර තරගාවලියේ අවුරුදු 8න් පහළ 1 වැනි කණ්ඩායමේ රන් සම්මානය දිනූ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ රුවින්ද්‍යා ඉන්ද්‍රරත්න දියණිය අද(30) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුණ ගැසුණාය. 30 August 2017
අස්ගිරි මහ නාහිමි ප්රමුඛ සඟ රුවන උතුරේ සංචාරයක උතුරේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම සඳහා වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නය දින තුනක යාපන සංචාරයක නිරත වුහ. 30 August 2017
ලෙබනන් ජාතිකයා ඇමරිකාවට පිටුවහල් කිරීමට නියෝග මුල්‍ය වංචාවන් සිදු කොට පළාවිත් ලංකාවේ රැඳී සිටි ලෙබනන් ජාතිකයකු ඇමරිකාවට පිටුවහල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(30) නියෝග කළේය. 30 August 2017
‘ලයනල් වෙන්ඩ්ට් කලාව‘ එළිදකී ලේක්හවුස් මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා විසින් රචිත ‘ලයනල් වෙන්ඩ්ට් කලාව‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය අද(30) සුමිත්‍රා පිරිස් මහත්මියගේ ප්‍රධානතත්වයෙන් කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි දී පැවැත්විණි. 30 August 2017
සයිටම් විරෝධීහු ‘ගිනිගත් රාත්‍රිය‘ අරඹති සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(30) රාත්‍රී දිවයින පුරා ප්‍රදේශ රැසක විරෝධතා පෙළපාළි ආරම්භ කෙරිණි. 30 August 2017
පෙළ පොත් සමග සීඩී තැටියක් පාසල් ළමුන් සදහා ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේදී එම විෂයට අදාළ සීඩී තැටියක් බෙදාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 30 August 2017
බොරු කී බව පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ ප්‍රධානියා පිළිගනී බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් බොරු කී බව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ තාක්ෂණ අංශ ප්‍රධානී සචින්ද්‍ර දේවතන්ත්රී මහතා පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසමට අද (30) දැනුම් දුන්නේය. 30 August 2017
පළාත් පාලන සංශෝධන පනතට විරුද්ධව පෙත්සමක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) සඳහා වන පනත අභියෝගයකට ලක් කරමින් සමෘද්ධි නියාමකවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(30) පෙත්සමක් ගොනු කෙරිණි. 30 August 2017
ජගත් ජයසුරියට එරෙහි යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හමුදාව කියයි ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. 30 August 2017
ඊටීඑෆ් අලුත් වෙයි සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අද (31) සිට නව තාක්ෂණ ක්‍රමවේදයක් අනුව සිදුකෙරේ. 30 August 2017
ජගත් ජයසුරියට නඩු පැවරීම ගැන අමාත්‍යාංශයට දැනුම් දී නැහැ - මහිෂීනි කොළොන්නගේ යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතා එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව නඩු පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය ලංකාදීපයට අද (30) පැවසුවාය. 30 August 2017
තිසාවැවේ නා දඩ කයි තහනම නොතකා තිසාවැවේ ස්නානය කළ බවට වරද පිළිගත් පුද්ගලයකුට මුදලින් රුපියල් 10000ක දඩයක් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය. 30 August 2017
‘විගණන පනත පරක්කු වංචා යට ගැසිමේ උනන්දුව නිසයි‘ ජාතික විගණන පනත මේ වන තෙක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි වූයේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා නොව වංචා දුෂණ යට ගැසීමට ඇති උවමනාව නිසා යැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පවසති. 30 August 2017
බස්නාහිර මහ ඇමතිට ජනපතිගෙන් පොරොන්දුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන බස්නාහිර පළාත් සභාවේ මතය විමසන දිනට පෙර ලබා දෙන බවට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූයේ යැයි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. 30 August 2017
පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට පොලිසියේ 1000ක් ශි‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර හෙට (31) කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තරගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 30 August 2017
ලක්ෂ 40 ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමඟ මාදම්පිටිය කිඹුලාඇල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු සවස බ්ලූමැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 30 August 2017
ජිනරතන කාර්මික විද්‍යාලයට මිලියනයක පරිත්‍යාග ‘2017 විමධ්‍යගත අය - වැය‘වැඩසටහන යටතේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට රුපියල් මිලියනයක වඩු උපකරණ පරිත්‍යාග කිරීම අද(30) ගංගාරාම විහාරස්ථානයේදි සිදුකෙරිණි. 30 August 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ පහක් යළි රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිට කළැයි සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින රසායන විද්‍යා ගුරුවරයා,සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන 04 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (30) නියෝග කළේය. 30 August 2017
රයන් ජයලත් යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැ`දවුම්කරු රයන් ජයලත් හෙට ( 31 ) යළි රිමාන්ඞ් කරන ලෙසට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (30) නියෝග කළාය. 30 August 2017
හොරට විභාගය ලියූ අයෙක් දැලේ අපොස උසස් පෙළ විභාගයේ ගණකාධිකරණ 02 වැනි ප්‍රශ්න පත්‍රයට උහන ප්‍රදේශයේ පාසලක් තුළ දී අන්අයකු වශයෙන් පෙනී සිට පිළිතුරු ලියමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය කියයි. 30 August 2017
ලක්ෂ 23 ක ගබ්සා පෙති සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 23 වටිනා නිති විරෝධි ගබ්සා පෙති 16930 ක් රැගෙන ඉන්දියවේ උත්තර් ප්‍රදේශ් සිට කටුනායනට පැමිණි ඉන්දිය ජාතිකයකු (32) රේගුව විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 30 August 2017
ගුවන්විදුලිය බෝම්බයක් වෙයි මාලබේ පිට්ටුගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී අහුලා ගත් බව කියන ගුවන් විදුලි යන්ත්‍රයක් නිවසට රැගෙන ගොස් විදුලියට සම්බන්ධ කිරීමේදී පුපුරා යාමෙන් තුවාල ලැබූ 13 හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 30 August 2017
රේගු අධ්‍යක්ෂට නොතීසි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවක සාක්කි ලබා දීම සඳහා ඔක්තෝබර 09 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට නොතීසි නිකුත් කළේය. 29 August 2017
හිටපු ඇමැති අස්වර් අභාවප්‍රාප්ත වෙයි හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අල්හාජ් ඒ එච් එම් අස්වර් මහතා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 29 August 2017
විජයකලාගේ ප්‍රකාශය ගැන ස්විස් කුමාර් සාක්කි දෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බවට චෝදනා කරමින් කයිට්ස් වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක බැඳ ගම්වාසීන් තමාට පහර දෙද්දි එය නතර කරන ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටි බව මහා ලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් අද (29) පැවසීය. 29 August 2017
ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ නඩු යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (29) වාර්තා කළේය. 29 August 2017
කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ උත්සවය අද (29) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි. 29 August 2017
කසුන් පළිසේන කොමිසම නොමඟ යැව්වා - අතිරේක සොලිසිටර් ජනරාල් කොමිසමට ව්‍යජ තොරතුරු ඉදිරිපත් කොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසම නොමඟ යවා ඇතැයි පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස බැ`දුම්කර කොමිසමෙන් අද (29) ඉල්ලා සිටියේය. 29 August 2017
‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘ දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. 29 August 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026