ආරියරත්න රණබාහු
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂංග කරතෘවරයාව සිටි චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා අද අභාවප්‍රාප්ත විය.
මිය යන විට 66 වැනි වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.
කවියකු මෙන්ම නවකතාකරුවකු වූ ඒ මහතා පූජාසනය, භෂ්මාවශේෂ, සැනසුම සොයා, මගේ සඳ ඔබ, පිටුවහල් කළ මිනිසෙක්, දළබිඳුම ඇතුළු නවකතා පොත් 35ක් පමණ රචනා කර ඇති අතර පුවත්පත් විශේෂාංග රචනය නමින් අත්පොතක් ද රචනා කර ඇත.
දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතට ඔහු ලියූ ‘ඇසි දිසි මානය‘ කොළම පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූවකි.
උපාලි පුවත්පත් සමාගම ආරම්භයේ සිටම එහි සේවයට එක්වූ දොඩන්ගොඩ මහතා වසර 35ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම ගියද නිදහස් ලේඛකයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.
දේහය රාගම කුරුකුලාව අංක 48/5 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු (29) බ්‍රහස්පතින්දා පස්වරු 5ට කඩවත ඇල්දෙණිය පොදු සුසානභූමියේදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ මාධ්යවෙදියාණනි ඔබට සුභ ගමන් !!!
ඔබ වචනයේ පරිසාමප්ත අර්ථයෙන්ම දක්ෂ ලේඛකයෙකි. -ඔබට නිවන් සුව පතමි!
ලංකාවේ පුවත්පත් කලාවේදීන් අඩු වයස් වලින් මිය යන්නේ ඇයි?
ප්‍රිය කතුතුමනි, ඔබට නිවන් සුව ලැබේවා !
හදවතට දැනෙන්නට යමක් ලියූ මගේ ජනප්‍රියතම ලේඛකයෙකි. ඔබගේ ලිපි වසර හතලිහක් පමණ කැමැත්තෙන් කියවීමි. නිවන් සැප ලැබේවා!
විශිෂ්ට ලේඛකයෙක්, සැබෑ දේශප්‍රේමියෙක්, හොඳ මිතුරෙක් ඔබගේ වියෝගය අතිශය පාඩුවකි. චන්ද්‍රේ, ඔබට නිවන් සුව අත්වේවා! මේ, හිතැති, දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
මෙතුමා මරණය තෙක් ම පෑන අත හැරියේ නැහැ. ඔබ මේ තරම් කලින් නික්මයාම ගැන නම් දුකයි දොඩන්...
හිතට දැනෙන්න යමක් පුවත්පත් වලින් කියවීමට සැලසු ප්‍රිය ලේඛකයාණෙනි...! ඔබට නිවන් සුව...!
ඔබතුමාට නිවන් සුව.
වියත් කතුවරයාණෙනි, ඔබේ හදිසි වියෝවින් අප කම්පා විනි. සුන්දර දේශයක් තැනීමේ මහගු කාර්ය ඵල නොදුටු නිසා ඔබද කම්පා වුනාවත්දැයි සිතේ. ඔබට සුබ ගමන්!
කනගාටුදායක පුවතක්. නිවන් සුව ලැබේවා!
ඔබ තුමාට නිවන් සුව ලැබේවා.!
මම ආස කරපු අදරනීයම ලේඛකයෙක්, හරිම කණගාටුවක් ඇතිඋනා මේ ආරංචිය දැකලා. ඔබතුමාට නිවන් සුව ලැබේවා.!
චන්දෝ, ඔබට නිවන් සුව ! - මීට "බිඳුණු පුරහඳ" සහ "මියගිය පෙම්වත"