රංජන් කස්තුරි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනි දා විවාදයට ගැනීම සඳහා පක්ෂ නායකයෝ අද (28) තීන්දු කළහ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභාංග යෝජනාව පිළිබඳ විවාදය 4 වැනි දා රාත්‍රී 9.30ට අවසන් කෙරුණු පසුව ඡන්ද විමසීමක් පැවැත්වීමට ද එම ඡන්ද වීමසිම පාර්ලිමේන්තුවේ අලුතින් ක්‍රියාත්මක කරන ලද විද්‍යුත් ක්‍රමයට නොපැවැත්වීමට පක්ෂ නායකයෝ තීන්දු කර ඇත.
ඒ අනුව ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ ආසන ස්ථානගතකර ඇති ක්‍රමයට පෙළින් පෙළට සිදුකිරිමට ද පක්ෂ නායකයින් එකඟතාවය පළ කර තිබේ.
එම විවාදය එදින පෙරවරු 10 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙන අතර දිවා විවේකයක් නොමැතිව අඛණ්ඩව විවාදය පැවැත්විමට ද එහිදී පක්ෂ නායකයන් තීන්දු කර තිබේ.
පාර්ලිමේන්තු සංකීරණයේ අද (28) පැවති පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට තිලංග සුමතිපාල, අනුර කුමාර දිසානයක, දිනේෂ් ගුණවර්ධන,මනෝ ගනේෂන්,ලක්ෂ්මන් කිරි ඇල්ල, රවී කරුණානායක සහ අජිත් පී.පෙරේරා යන මහත්වරු සහභාගී වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, තාක්ෂණය ගැන විශ්වාසයක් නැද්ද?
අන්ත පරාජයක් ලබපු අය තමන්ගේ ජාමේ බේරා ගත් කෙනා ගෙදර යවන්න හදන්නේ ඇයි ? පුදුම දේශපලනයක්නේ අපේ රටේ තියෙන්නේ.?
රහස් ඡන්දය වඩාත් සුදුසු ක්‍රමයයි.
රනිල් මැතිදුණි ඔබ මියයන තුරු ඔබයි අපගේ එක්සත් ජාතික පක්ෂයේ නායක.....
මහින්ද මහත්තයා ඕක ගෙනාවේ රනිල් මහත්තයව පරද්දන්න නෙමේ. රනිල් මහත්තයට පළාත් පාලන ඡන්දෙන් පස්සේ පක්ෂය ඇතුලෙන් ගෙදර යන්න කියන පීඩනයෙන් බේරගන්න. රනිල් මහත්තයා වගේ නායකයෙක් UNP එකේ ඉන්න එක මහින්ද මහත්තයට වාසි. දක්ෂයෙක් UNP එකේ නායකයෙක් උනොත් 2020 දී අමාරු වෙනවනේ පරද්දන්න.
මම හිතන විදිහට රනිල් මහත්තයා දිනයි .