ඉන්දිකා රාමනායක සහ සුජිත් හේවාජුලිගේ
මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නම් 25 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
ඔහු අද රාත්රී තවත් පුද්ගලයකු සමඟ ත්රීරෝද රියෙන් යද්දී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
මෙම තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇතැයි ද, මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වන තුරු සිරුර ආරක්ෂා සහිතව එම ස්ථානයේම තබන බව ද පොලිසිය කියයි.
ත්රීරෝද රියේ ගමන් කළ අනිත් පුද්ගලයාගේ පාදයට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබේ.
මිය ගිය තරුණයා මීට වසර පහකට පෙර නුවරඑළිය ප්රදේශයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු බව කියන පාතාල සාමාජික මංජන් අක්රම්ගේ මස්සිනා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නිප්පු නමින් හඳුන්වන සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළාදැයි සැක කරන බව පොලිස් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොච්චර පාතාල සාමාජිකයින් ඉන්නවද, ඉවරයක් නැහැ. මිලියන 20 ම පාතාලයේද දන්නේ නැහැ.
රටට සුදු වැන් ඕන වේ...
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති බුදු බණේ පවා කියල තියෙනවා.