විනීතා එම් ගමගේ
මුතුරාජවෙල තෙත් බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ලංකාදීපයට පැවැසීය.
එම තෙත් බිම පිළිබඳ පුළුල් අධ්‍යයනයක් අද හෙටම ආරම්භ කරන බවත් ඉන් පසු වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කීය.
මේ වන විට තෙත් බිම තුළ සින්නක්කර ඉඩම් තැන තැන ඇති බවත් එම ඉඩම් හිමි කරුවන් වෙත වන්දි ගෙවා අදාල ඉඩම් පවරා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මුතුරාජවෙල තෙත් බිම රකින්නට මධ්‍යම පරිසර අධිකාරියට නිලධාරීන් නැති බවත් එහි සිදුවන හානි වෙනුවෙන් අධිකරණය ඉදිරියට යන්නට පනතේ ප්‍රතිපාදන නැති බවත් කී සභාපතිවරයා වන ජීවී දෙපාර්මෙන්තුවට එම සම්පත් සියල්ල ඇති බැවින් මෙම තෙත් බිම රැකගන්නට නම් එම දෙපාර්තමේන්තුවට පැවරිය යුතුම යැයි ද කීය.
මුතුරාජවෙල හෙක්ටයාර් 3200 ක් පමණ පුරා පැතිර ඇත්තේ මීගමු කලපුව හා සම්බන්ධ වෙමිනි. එහි ඉඩම්වලින් හෙක්ටයාර් 1028 ක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් හෙක්ටයාර් 206 ක් එහි ප්‍රේරණකලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කලාපයේ සත්ව විශේෂ 449 ක් වෙසෙන අතර එයින් 26 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයෙන් දායාද කරදුන් සුන්දර පරිසරය ආරක්ෂා කරගන්න නොහැකි ජාතියක්ද අපි?
බලයේ රැදෙන්න ඕනෑම බලු වැඩක් කරන දේශපාලුවන් ඉන්න රටක " ස්වභාව ධර්මයෙන් දායාද කරදුන් සුන්දර පරිසරය " ගැන කුමන කතාද..???
මුතුරාජවෙල නම් බේරුනා කියමුකෝ ඒත් වැව තාවුලුවල හදලා තියෙන හෝටල් ඉවත් කරලා ඒවා ආරක්ෂා කරන්න ඉන්නේ කව්ද?
ජනාධිපතිට වෙන වැඩක් නැතුව උනත් මේ ටික බලාගන්න එක උතත් වටිනවා.
රටට, විල්පත්තුවත් වනසතුුනුත් ජාතිවාදි්න් ගෙන් බෙි්රා දෙන්න.