සුජිත් හේවාජුලිගේ
තමන් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට හරි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව එජාප පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.
‘‘මගේ යෝජනාවලියට අගමැතිතුමා මුලින් හොඳ ප්‍රතිචාර දැක්වුවා. නමුත් දැන් දක්වන්නේ නැහැ. සම්බන්ධන්ලා එකතු වුණාට පස්සේ එතුමාට අපි අමතක වෙන්න ඇති. ජාතික සම්පත් විකුණන්නේ නැති, මානව හිමිකම් මුවාවෙන් හමුදාව දඩයම් කරන්නේ නැති, ඉඩම් ගොඩ කරන්නේ නැති, විදේශීය ව්‍යාපාරිකයාට යටවී දේශීය ව්‍යාපාරිකයන් විකුණන්නේ නැති පොදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියා මම මගේ ලිපියෙන් ඉල්ලා සිටියා. මගේ ඉල්ලීමට නිවැරදි ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. අද ආණ්ඩුව ගමන් කරන්නේ ප්‍රතිපත්ති නැති ගමන්. ඒ ගැන දැඩි කලකිරීමක පසුවෙනවා.‘‘ යැයි ද රතන හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති වෙනස් කරන්න කාලය ඇවිත්. ජනාධිපති තුමාගේ කකුලෙන් අදින්නේ නැති සහයෝගය දෙන කෙනෙක් පත් කර ගන්න වෙනවා.
කන්න ඕනා උනහම කබරගොයත් තලගොයා වගේ පේනවා කිව්වේ මෙව්වට වෙන්න ඇති අපේ හාමුදුරුවනේ!
අවසරයි.. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ යෝජනාවලියට "සුත්තර පුංචා" එකඟනම්, බැදුම්කර හොරකමට ඔබවහන්සේ " කැමති බව" නොවේද ???? එසේ ඔබ වහන්සේගේ යෝජනාවලියට "සුත්තර පුංචා" අකමතිවෙනම් බැදුම්කර හොරු හොරුමය ???මෙමගින් ගම්‍ය වන්නේ කුමක්ද ???කැමතිනම් හොරා "හොද හොරාය". අකමැතිනම් "හොරා හොරාමය" ??????
දෙවැනි සැරේටත් පන්සලක් හදාගන්න ඉඩමක් හා සල්ලි ගෝටගෙන් ලැබිල වගේ
හාමුදුරුවරුත් බොර දියේ මාළු බානවානම් බලතන්හාධික ගිහියන් ගැන කවර කතාද?