(රංජන් කස්තුරි)
දැන්ට ක්‍රියාත්මක ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හඳුනා නොගත් වකුගඩු රෝග හා පිළිකා ඇතුළු බෝ නොවන රෝග රට තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් වස විස සම්පුර්ණයෙන්ම බැහැර කළ යුතු යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
රටපුරා බෝ නොවන රෝග සීඝ්රයෙන් ව්‍යාප්ත වීමට වස වස විස ආහාරයට ගැනීම ප්‍රධාන හේතුවක් වන බවද එම නිසා ගලයිෆොසෙට් තහනම දිගටම පවත්වාගත යුතු යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
කෘෂි රසායන හඳුන්වා දීමට පෙර තේ වගා කළ ආකාරයට නැවතත් තේ වගා කළ යුතු අතර එසේ නොමැති නම් පලිබෝධ මර්ධනය සඳහා විකල්ප මාර්ග වෙත අවධානය යොමු කළ යුතු බවද ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
දැනට පවතින ගලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා දුමින්ද දිසානායක, නවීන් දිසානායක යන ඇමැතිවරුන්ගේ බලපෑම් සිදුකරන බවට මාධ්‍ය වාර්තා පලවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්යිකෝ පොස්පේට් කියන්නේ පොතේ හැටියට හෝර්මෝනයක්. ඒ කියන්නේ වල් පැල වේගයෙන් වර්ධනය වී මිය යනවා. නමුත් අද මේවා ගැහුවම වල් පැළෑටි ඊට පහුවෙනිදා මැරිලා. ඒ කියන්නේ ඇත්තටම තියෙන්නේ වෙන බහුබූතයක්... සමහර විට නමට ගල්යිකෝ පොස්පේට් පොඩ්ඩකුත් ඇති. වෙනත් හඳුනා නොගත් විෂ වලට වල් පැල මැරෙනවා. මිනිස්සු ලෙඩ වෙන්නේ මේ නිසයි.
කෘෂි රසායන හඳුන්වාදීමට පෙර, සුද්දන් විසින් තේ වගා කරන ලද්දේ ඉතා අඩු වැටුපකට වැඩකළ දකුණු ඉන්දියානු කුලීකරුවන් තේ වතුවල වැඩට දැමීමෙනුයි. අද ඒ තත්වය බොහෝ වෙනස් වී ඇති අතර, අද තේ වතුවල විශාල ශ්‍රම හිඟයක් ඇතිවී ඇත. ඉතා ඉක්මණින් විකල්ප පලිබෝධ නාශක හඳුන්වා නොදුන්නොත්, තේ වගාව තව දුරටත් ලාභ නොලබන කර්මාන්තයක් වී, ලංකාවෙන් සදහටම තුරන් විය හැකියි.
මුලදී රස වුනත් පසුවට එය තිත්ත වුනේ... මඩේ හිටපු ඉන්න නිසා නැවතත් එය රසම වුනේ... දැන්නම් පුරවැසියාට මෙය හොද විහිළුවකි... එබැවින් "කරන්න" නිසි නිවැරදි දේ...
ලංකාවට ඇති උග්‍ර විෂ සහිත කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිටියේ කොහිද? විරුද්ධ විය යුතු කෘෂි රසායනික මෙතරම් තිබියදී හිටි හැටියේ නින්දෙන් අවදි වෙලා වගේ ග්ලයිෆොසේට් වල් නාශකයට විරුද්ධව කතා කරන්නේ එහි සංයුතියවත් නොදැන බව ඉතා පැහැදිලිය. මෙය ඉතා ආරක්ෂාකාරී වල් නාශකයකි. ලෝකයේ කිසිම දියුණු රටක් මෙය තහනම් කර නැත. විෂ සහිත බව ඔප්පු කර නැත. පාදෙනියෙන් එන මේ සංගමය රට අවුල් කරන්න මොකක් හෝ අල්ලාගන්නවා. කිසි විද්‍යාත්මක පදනමක් නැතුව...
සයිටම් ඉවර නිසා දැන් ග්ලයිපොසෙට් අල්ලගෙන නටන්න වගේ හදන්නේ.
මේගොල්ලො වැල යන අතට මස්ස ගහන්න හදන්නෙ.. දැන් සයිටම් ඉවර නිසා මේක අල්ලන් ගොඩ යන්න බලනවා. නැතුව වස විසට විරුද්ධව නෙමෙයි..
ගොවිමහතුනි, මහින්ද රාජපක්ෂ මේ නටන නාටකයට මීළඟ මැතිවරණයේදී පිළිතුරු ලබා දෙන්න. රජයේ දොස්තරලා රංග දක්වන්නේ මහින්දගේ තිර නාටකයට බව පැහැදිලිව අවබෝධ කර ගන්න.
හොදක් කිව්වත් එකෙත් වරදක් දකින්න මිනිස්සු ඉන්න සමාජයක් මේක. මෙහෙමත් කඩේ යනවනෙ ආණ්ඩුවකට, ලැජ්ජාවක් කියලා නාමයක් නැහැ.
"හොදක් කිව්වත් එකෙත් වරදක් දකින්න මිනිස්සු ඉන්න සමාජයක් මේක." නෑ, අපි එහෙම නොවේ මේ කියන ඇයො ගැන ඇති විශ්වාසය නැතිවී ගොස් ඇති නිසා නේද ? මේ ඇයො අපි වෙනුවෙන් කතා සහ ක්‍රියා කල කවදද ?