( අංජුල මහීක වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හෙට (29) පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර අති විශ්වාසභංහ යෝජනාවට මුහුණ දෙන ආකාරය පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සුවිශේෂි අවධානයක් යොමු කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවද මෙදින කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රමුඛත්වය ලැබෙනු ඇත්තේ විශ්වාසභංගය පරාජය කිරීමේ සාකච්ඡා පිළිබඳව බව දැනගන්නට ඇත.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු නායකයන් සහ අගමැති අතර හමුවක් අරලියගහ මන්දිරයේදී හෙට (28) සවස පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව පැහැදිලියි. රනිල්ගේ අගමැති කමයි, පක්ෂ නායක කමයි දෙකම රැකෙයි. ඔය කෑ ගහන පොඩි අයට නියෝජ්‍ය නායකකම්, උප නායකකම්, ජාතික සංවිධායක, තරුණ සංවිධායක වගේ සිනීබෝල ටොෆි ටිකක් විසි කරයි. රනිල් ඇතුළු රෝයල් ටීම් එක පුරුදු පරිදි ගේම ගහයි.
එජාපයට කතාකරන්නට බොහෝ කරුණු කාරනා ඇත. දැඩිලෙස ජනතා අප්‍රසාදයට පත්කර ඇති අගමැති වරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාශ භංගයයේ යටි අරමුණ ජනාධිපති වරයා වෙනස් කිරීමයි.19 වන සංශෝධනයට අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ආණ්ඩුවටම එරෙහිවය. ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය ඔවුන් ජයගතහොත් සමස්ත කැබිනට් මණ්ඩලයම ඉබේම අහෝසිවේ. එවිට විපක්ෂයට නව කතානායකවරයෙක් පත් කර, ඒ හරහා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පිළිවන. එවිට ජනාධිපතිවරණයකට යාමට රජයට සිදුවේ. මීලග ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය නියත වශයෙන්ම ඉදිරිපත් කරනුයේ ගෝඨාබය රාජපක්ෂයි. දැනට මෛත්‍රී පිළ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ගෝඨාබය රාජපක්ෂට කැමැත්තක් දක්වා ඇති බවද කියති.
මම වෙමි සදාකාලික නායකයා. සදාකාලික නොවූ ලොව තුළ සදාකාලික නායකයා ...