(විනීතා එම් ගමගේ)
මවට ඒඩ්ස් වැළදී ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ දිස්ත‍්‍රික්කයේ දස හැවිරිදි පාසැල් දැරියගේ සිද්ධිය පිළිබඳ මේ වන තෙක් සිදුකළ විමර්ශනවල තොරතුරු ඇතුළත් සවිස්තර වාර්තාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය අදාළ ප‍්‍රදේශය භාර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මව ඒඩ්ස් රෝගියෙකු බව හෙළිවීමත් සමඟ එම දැරියට පාසල අහිමි කිරීමට පාසල් බලධාරින් කටයුතු කර ඇතැයි පුවත්පත් හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගිය වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු සභාපතිනිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ද මෙම දැරිය පෙනී සිටිමට නියමිතය. පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය අධ්‍යාපන කටයුතුවලට ඉතා දක්ෂ ශිෂ්‍යාවක් වන අතර සෑම වාරයකම පන්තියේ පළමුවැනියා වී ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.
අදාල වාර්තාව පැමිණි වහාම ඇයට පාසැලක් ලබා දීමේ කටයුතු මෙන්ම ඇයට ආරක්ෂාව සැලසීමේ කටයුතු ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඉටුකරනු ඇතැයි ළමාරක්ෂක අධිකාරියේ නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ඉක්මණින් මේ පොඩි දරුවාට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි !!!
ලංකාවේ මිනිසුන්ගේ දැනුම අන්තිම පහල මට්ටමක තියෙන්නේ. සුළගෙන් ඒඩ්ස් බෝවෙනවා, ජෙලි වර්ග සහ පෙති වලින් වද වෙනවා වගේ එව්වා හිස මුදුනින් පිලිගන්නවා.