(මනෝප්රිය ගුණසේකර)
මහමගදී ඇගේ හැපුනැයි පුස්තකාලයට පැමිණ පිහියෙන් ඇන තරුණයෙකු මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (28) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 33 කට පෙර අඟුලානේදී පාසල් යන තරුණයෙකුට පිහියෙන් ඇන මරාදැමීම හා ඔහු බේරාගැනීමට පැමිණි ඔහුගේ මිතුරාටද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකොට මරාදැමීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව විනිසුරුවරයා තීන්දු කොට තිබිණි.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සිද්ධිය වන සමයේ පාසල් යන තරුණයින් වු සුදත් ප්‍රනාන්දු (51) සහ ගාමිණි පිරීස් (55) නමැති ඥාති සහෝදරයින්ටය.
1985 දෙසැම්බර් මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අඟුලානේදී තරුණයකුට පිහියෙන් ඇන මරා තවත් තරුණයකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකොට මරාදැමීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
වසර 33කට පෙර සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබු අතර නඩු විභාගය අතරතුර මෙම විත්තිකරුවන් දෙදෙනා හැර අනෙකුත් විත්තිකරුවන් තිදෙනාම මිය ගොස් තිබිණි.
මෙම විත්තිකරුවන් දෙදෙනොට එරෙහිව පැවැති දීර්ඝ නඩු විභාගයෙන් අනතතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනොටම මරණීය දඬුවම් නියම කළේය.
ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් 50724 බණ්ඩාර මහතා පොලිසිය වෙන්වෙන් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඉෂාරා ජයරත්න මෙනවිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු මේ තරම් පමා කරන සේවයටනේ... මෙවර මාර විදියටනේ පඩි වැඩි කළේ...
අපේ රටේ අධිකරණ පද්ධතිය කොතරම් අකාර්යක්ෂමද? මෙවැනි අකාර්යක්ෂම අධිකරණයකින් යුක්තිය බලාපොරොත්තු වෙන්න බැහැ.
අභියාචනා දෙකක් දාන්නත් පුළුවන් නේ. ඒවායේ තීන්දු එනකොට ලෝක විනාසෙත් කිට්ටු වෙලා තියෙයි.
නඩුකාරවරු කීදෙනෙක් මේ නඩුව අහන්න ඇද්ද ? පොලිස් රාළහාමිලා කීදෙනෙක් මේකට උසාවි ගාටන්න ඇද්ද ?
අර කතාවක් තියෙනවා රජ්ජුරුවන්ට එක පඬිවරයෙකු මරාදමන්න ඕනෑ වෙලා, පඬිවරයාට කිව්වලු මම නුඹට එක සහනයක් දෙන්නම්... නුඹ මරා දැමෙන ක්‍රමය නුඹම තෝරා ගනින් කියලා. පඬිවරයා කිව්වලු, දේවයන් වහන්ස මම වයස් ගත වෙන්න සැලැස්වීමෙන් මරා දමන්න කියලා. රජ්ජුරුවන්ට කරන්න දෙයක් නැතුව පඬිවරයා වයස් ගත වී මැරෙන්න ඉඩ දෙන්න වුණාලු. මෙතනත් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඇස් බැඳපු නීතියේ කන්‍යාව ආච්චි කෙනෙක් වෙලා අර කඩුවත් බිම වැටිලා ඇති...
කාලකණ්ණි ආණ්ඩු, දරාගන්න බැරි ඇමතිවරු, මන්ත්‍රීවරු, පළාත් සභා ලේකම්ලා...
මේ රටේ අපරාධ මෙතරම් වැඩිවීමට හේතුව මේ අධිකරණ ක්රමයේ තියෙන දුර්වලකම්ය. මිනිස්සුන්ට යුක්තිය ඉටුවන විට ඔවුන්ගේ මුදල් සහ ජීවිතය වැයවී හමාරය. අනේ ද කියන්නේ !!!
ඇත්තටම මේ වගේ නඩු තීන්දු දෙන්න නඩුකාරයෝ ඉන්න ඕනෙද. නියමිත වෙලාවට නිවැරදි තීරණය දෙන්න එපැයි. අවුරුදු 33 තිස්සේ අර මිනීමරුවන්ට එක්කෝ තව අපරාධ කරන්නන පුළුවන් නැතිනම් හොඳ වෙන්න පුළුවන්. ඒත් ඒක වෙන්නේ නැහැ. අනේ මෙහෙම අකාර්යක්ෂම නීති ක්ෂේත්රය
මෙහෙව් උසාවි වලට මිනිස්සු ගල් නෙවෙයි, අසුචිත් ගහන්න බැරි නෑ. මේ වගේ නීති පද්ධතියකට මිනිස්සු ඔලුව පාත් කරන්නේ ගෞරවයට නෙවෙයි. බයටයි. මෙතන අගතියට පත් වුණු පාර්ශවය විතරක් නෙවෙයි, මේ වල්බූරු අධිකරණ ක්‍රමවේදය හරහා මරණ දඬුවමට ලක්වුන පාර්ශවයටත්, ඒ අයගේ පවුල් වල අයටත් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මැරුණ කෙනා මැරුණා. මරණකරුගේ පාර්ශවයේ අය අනිවාර්යයෙන් මේ වෙනකොට තමන්ට වෙච්ච අගතියට සාධාරණය ඉල්ලලා හෙම්බත් වෙලා ඔය සිද්ධිය අමතක කරලත් ඇති. නඩු තීන්දුව සම්බන්ධයෙන් අමුතු තෘප්තියක් හෝ කලකිරීමක් වත් නැතිව ඇති. කොටින්ම කියනවා නම් ඒ අයගේ පවුලේ ඔහොම කෙනෙක් හිටියද කියලවත් මතක නැතිව ඇති. හැබැයි, ඔය සිද්ධියේ වරදකරුවෝ ජීවිතකාලයෙන් වැඩි කාලයක් විඳව විඳව ජීවත් වෙලා, තියෙන සේසතම ලෝයර්ස්ලට පුදලා, අස්ථිර හෙටක් එක්ක ජීවත් වෙන්න ඇති. විත්තිකරුවෝ දෙන්න ඔය වරද කරද්දී එක්කෙනෙක්ට වයස 18, අනෙකාට 21යි. තීන්දුව ලැබෙනකන් බලන් ඉඳලා වයස ආවහම කසාදයකුත් කරගන්න ඇති. අනිවාර්යයෙන් ඔහොම කේස් එකක් තියෙන කෙනෙක් එක්ක සහේට එන්නෙත් මොකෙක් හරි අසරණ කාන්තාවක්...