ඉන්දිකා රාමනායක
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (28) පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රංගජීව මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබිණි.
අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම පාතාලය අණසකට අරගෙන.. වටේම වෙඩි තියාගන්නවා.. මිනිස්සු මහපාරේ මැරෙනවා.. වැලිකඩදී මැරුණු පාතාලයන් වෙනුවෙන් ආණ්ඩුව කුඩු මුදලාලිලාගේ පරම හතුරෙක් වුණු දක්ෂ නිලධාරියෙක් අත් අඩංගුවට ගත්තා..
පාතාලයේ අය හා ඔවුන්ගෙන් සේවය ලබා ගන්නා දේශපාලකයෝ අද පාටි දායි.
දෙයියෝ සාක්කි. මාපිලාම කාවි....
ජයවේවා !!!
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට හිතුමතේ හිරගෙදරට පැනලා හිරකරුවන් ඝාතනය කරන්න තිබුණ වුවමනාව මොකක්ද? නිකං වටේ යන්නේ නැතුව හිරකරුවන් අමානුෂිකව ඝාතනය කරන්න උපදෙස් දුන්න එවක ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න බැරි ආණ්ඩුවේ කොන්ද පණ නැති කමද..? නැතිනම් තවමත් රට පාලනය කරන්නේ එවක රාජපක්ෂලමද? ලංකාවේ දේශපාලකයෝ ඒ අයගේ පව් රටේ රාජ්‍ය නිලධාරීන් ගෙවනවා.
මේ ඔක්කෝටම දෙයියන්ගේ හාල් කැවිලා ...
දැන් බලාගෙන ගියාම මේ රටේ මානව හිමිකම් තියෙන්නේ අපරාධ කාරයින්ටයි, ත්‍රස්තවාදීන්ටයි විතරයි.
ලිපියට අදාළ ප්‍රතිචාර දැක්කම හිතෙනවා ඇත්තට මිනිස්සු අකමැති බවක්.
කසුන් පුස්සැල්ල මහතාගේ වැලිකඩ පොත කියවන්න . ප්‍රශ්න ඔක්කොටම උත්තර තියනවා.
ලංකාවේ අයගේ ජාතිකත්වය පේනවා මේකේ දාපු කමෙන්ට් වලින්.
එස් එල් මහතානෙනි හිරගෙදර ඝාතන චාරිතාව කියවන්න. කැරල්ල වෙලාවේ තියපු වෙඩි වලින්ද පසුව තෝරා ඝාතනයන් සිදුවුනාද කියා දැනගන්න. මේක බෞද්ධ රටක් වෙලත් මනුශ්‍ය ඝාතනයෙන් පලිගැනීමේ චෙතනා ඇතිවිම ලැජ්ජා සහගතය.
වෙනරටවල් වලත් මෙවැන්නන් මර්ධනය කරන්නේ මේ ආකාරයටද? පාතාලයන් මිනීමරුවන් විරුවන්සේ ඔසවා තබන්නේ පොලීසියම බව නොදන්නේද? චන්ඩියෙකු පළමු චන්ඩිකම කල විට නියම දඩුවම ලැබෙන්නේ නම් දෙවැන්න කරන්න පැකිලෙනු ඇත. අද පොලිසිය එසේ නොකරයි.