අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අප්‍රේල් 04 වැනි දින ගන්නා බව පක්ෂයේ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද මෙතෙක් සාකච්ඡා කර නොමැති බව දිසානායක මහතා කීවේය.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති කියා ආණ්ඩුවම වෙනස් කිරීමේ අරමුණ ඇතිව ගෙනවිත් ඇති මෙම විශ්වාසභංගය පරාජය වෙලා ආණ්ඩුවට ගෙදර යන්න උනොත් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නා 70 වකට කිට්ටු මුල් වතාවට මන්ත්‍රී කම් ලැබුන පිරිසට විශ්‍රාම වැටුපත් වාහන බලපත්‍ර ආදී මෙකි නොකී වරප්‍රසාද අහිමි වෙන නිසා ඔවුන් එයට විරුද්ධව චන්දය දීමේදී දෙතුන් වතාවක් නොව හා පහළොස් වතාවක්ම සිතනු නොඅනුමානය. ඉතින් ඊට පස්සේ වෙන්නේ ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා වෙනත් උපාය මාර්ගයක් දියත් කිරීමටය. හර්තාල්, අරාබි වසන්ත, හමුදා කුමන්ත්‍රණ, දේශපාලන ඝාතන වගේ දේවල් වෙනත් රටවල් වල නම් වෙලා තියෙනවා කියලා දැන් සමහරු අහු මුළු ගානේ මුමුණ මුමුණා ඇවිදිනවාලු. ඒ අවුඅස්සේ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා පරීක්ෂණ කොමිසන් වගේ දේවල් කොහෙගියාද කියා නෑ.
මහබැංකු කොල්ලයේ මහ හොරා කවුද කියලා මුළු රටම දන්නවා. වෙලා තියෙන්නේ ඒක නිළ වශයෙන් ඔප්පු කරන්න විදියක් නැති එක. බලමු හොරු රකින්නෙ කවුද කියලා.
ඔබ තුමාලගේ තීරණය දෙන්නේ 4 වෙනිදා නම් , බොරුවට මාද්‍ය සාකච්චා තිය තිය ඉන්නේ මොකද
නියායට අනුව ඔබ හරි.
මම දකින ලංකාවේ සිටින අදක්ෂම දේශපාලකයා. කට කයිවාරු පමණයි.