පිලිප් ගුණවර්ධන මහතාගේ 46 වැනි ගුණ සැමරුම කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අද (28) පැවැත්විණි.
පිලිප් ගුණවර්ධන මහතාගේ දියණිය වන ලක්මාලි ගුණවර්ධන මහත්මිය පිලිප් ගුණවර්ධන මහතාගේ ඡායාරූපය වෙත පුෂ්පෝපහාර දැක්වූවාය.
ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා , මහාචාර්ය සුදන්ත ලියනගේ , ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන , පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ සහ වාසුදේව නානායක්කාර මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිප් මැතිතුමානම් ලංකාවට බිහිඋනු ඉතාම ශ්‍රේෂ්ට පුද්ගලයෙක් . නමුත් දිනේෂ් මේ තත්වයට වැටුනේ කොහොමද?
පිලිප් මැතිතුමා වගේ වෙන්න එතුමාගේ දරුවන්ට බැරි වෙච්ච එක කනගාටුදායකයි.
පිය පුතු වෙනස, අහසෙයි පොලවෙයි වගේ.
සහාභාගී වෙච්ච බොහෝ කස්ටිය ලගදිම පිලිප් මැතිතුමාට මුණ ගැසේවි. රටට කිසිම සේවයක් නොකරපු, පුද්ගලික වයාපාර, රාජ්‍ය ආයතනැතිකරපු කුහකයෝ සෙට් එකක්...................
පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ මහජන එක්සත් පෙරමුණෙන් තමයි බණ්ඩාරනායක මැතිතුමා රටේ අගමැති බවට පත් වුනේ. මම දන්නා විදියට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ තනි පක්ෂයක් ලෙස කවරදාකවත් රජයක් පිහිටිවල නැහැ
රටේ දියුණුවට අපේ රටේම කර්මාන්ත පාවිච්චි කරන්න ඕනි කියල හිතපු නියම ජනතා සේවකයෙක්.
ඇයි මේ පක්ෂයටත් නව නායකයෙකු පත්කර පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවන්න කිසිම සාමාජිකයකුට අවශ්‍ය නැත්තේ එක්සත් ජාතික පක්ෂයේ වගේ? දැන් දැන් වසර 50 කට ආසන්න කාලයක් එකම නායකයා නොවේද. පක්ෂයේ දියුණුවක් තිබෙනවද කියන එක කාටත් ප්‍රශ්නයක්.
පිලිප් කියන්නේ හොඳ කොන්දක් තිබුන මිනිහෙක් ,පුතාල වගේ රෙදි අපුල්ලපු එක්කෙනෙක් නොවයි