ගාල්ලට මිලිමීටර් 200ක තද වැසි අද අලුයම සිට උදැසන 6.00 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ,යටලමත්ත ප්‍රදේශවලට මි.මි.180 සිට 200 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 05 September 2017
වැලිකඩ සාක්කිකරුවකුගේ නිවසට වෙඩි වැඩිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්කිකරුවකු වන නන්දිමාල් මහතාගේ නිවසට අද (4 වැනිදා) රාත්‍රී පිරිසක් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. 05 September 2017
නිල ඇඳුම් ඇඳන් අපරාධ කරන්න බෑ - සරත් ෆොන්සේකා ප්‍රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කළ අයත් ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන සිදු කළ අයත් එල්ලුම් ගස් යැවූ බවත්, නිල ඇඳුමක් ඇඳගත්ත පළියට රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරදි කරන අය ආරක්ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 04 September 2017
රට හදන දැක්ම V2025 එළිදක්වයි මීට වසර දෙක හමාරකට පෙර ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ පොහොසත් රටක් හදන දැක්ම V2025 එළිදැක්වීම අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 04 September 2017
තද සුළඟෙන් කදුරුවෙල නිවාස 150කට හානි පොළොන්නරුව කඳුරුවෙල පැරකුම් පෙදෙස ගල්ලෑල්ල හතරේඇළ ප්‍රදේශය හරහා අද (04) පස්වරු 4.30ට පමණ වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 150කට පමණ හානි සිදුවී ඇතැයි පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 04 September 2017
උතුරත් විස්ස විසි කරයි මැතිවරණ පැවැත්වීමේ නියමයන් ඇතුලත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද උතුරු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සියලූදෙනා ඒකමතිකව පරාජයට පත් කළහ. 04 September 2017
පර්පචුවල් සමාගම දුරකතන දත්ත 100ක් මකලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකතන ඇමතුම් දත්ත සීයයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්රී මහතා අද (04) බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය. 04 September 2017
ශ්‍රීලනිප නඩුව ගැන තීන්දුව 29ට කල් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු ගොනු කළ පැමිණිල්ල තවදුරටත් විභාගයට ගන්නවාද නැද්ද යන තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (04) තීන්දු කළේය. 04 September 2017
හොර නෝට්ටු 286ක් සමඟ දෙදෙනකු සැකපිට රුපියල් පන් දහසේ හොර නෝට්ටු 286ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මින්දෙනිය පොලිසිය කියයි. 04 September 2017
රවිරාජ් නඩු තීන්දුවට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන දෙසැම්බර් 12 වැනිදාට කල් තැබීමටද අභියාචානාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2017
සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති ඉවතට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 04 September 2017
ඉන්දියා ධීවරයින් 80 දෙනෙකුට නිදහස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් මසු මැරීයැයි අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයෝ 76 දෙනෙක් සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයෝ 4 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද යළි ඉන්දියාවට බාර කරනු ලැබූහ. 04 September 2017
ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව ගම්මන්පිල කියයි ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළේ යැයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳව ඔහු වහාම අත් අඩංගුවට ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 04 September 2017
සරණ ගුණවර්ධන රිමාන්ඩ් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 04 September 2017
ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර් මුදාහැරී යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමනාඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (4) නියෝග කළේය. 04 September 2017
සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගෙන පසුගිය 28 දා පැවති සබරගමු පළාත් සභා රැස්වීම කල් දැමීමට එරෙහිව පළාත් සභා සභාපති කංචන ජයරත්න (එජනිස) මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්ෂ විපක්ෂ කණ්ඩායම පැවසුව ද, එය ගෙන එන්නේ පක්ෂයේ ඉහළ උපදෙස් මත බවට එජාපයේ පසුපෙළ පළාත් සභා මන්ත්‍රීවරු පවසති. 04 September 2017
ප්‍රශ්නපත්‍ර සිද්ධියේ වෛද්‍ය පියා ඇප මත මුදාහරී මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පාසල් සිසුවාගේ වෛද්‍ය පියා ඇප මත මුදා හැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (4) නියෝග කළේය. 04 September 2017
වවුනියාව ව්‍යාපාරිකයකු තියුණූ ආයුධ වලින් කපා කොටලා වවුනියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට තියුණු ආයුධ රැගත් කිසියම් පිරිසක් කපා කොටා පළා ගොස් ඇති බවට වව්නියාව පොලිසිය පවසයි. 04 September 2017
ඒටීඑම් මැෂින් වලින් සල්ලි කොල්ලකන අමුතු කල්ලියක් බැංකු නිළධාරීන් ලෙස පෙනි සිටිමින් ඒ ටී එම් යන්ත්‍ර මගින් මුදල් වංචාකරන කල්ලියක් පිළිබඳ නාඋල රාජ්‍ය බැංකුවක් මහජනතාව දැනුවත් කරයි. 04 September 2017
ජාතික ආර්ථික සභාව 12 වැනිදා රැස්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාව ලබන 12 වැනි දා පළමු වරට රැස්වීමට නියමිතය. 03 September 2017
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට වැඩ වරති දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (04) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 03 September 2017
ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. 03 September 2017
අමිර්තලිංගම්ගේ පුතා මාධ්‍යවේදියකුට පහර දෙයි පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු වන අමිර්තලිංගම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්දය නොදී නැගිට ගියේනම් ඔහු දෙමළ නායකයකු ලෙස පිළිගත නොහැකි බවට පත්‍රිකාවක් බෙදූ එම් පරමේෂ්වරන් මාධ්‍යවේදියා පහරකෑමට ලක්වී ඇතැයි පොලිසිය කියයි. 03 September 2017
ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය අද සවස බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි. 03 September 2017
මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - ජනපති හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය. 03 September 2017
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අරියි මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අද (03) විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 September 2017
වංචා ගැන ජනපති කොමිසමේ කාලය අවසන් බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය අදින් (03) අවසන් වන බව එම කොමිසමේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා පවසයි. 03 September 2017
තිදරු පියා කළු ගලට යටවී මිය යයි නිවසට යන මාර්ගයේ පැති බැම්මේ ඉදිරියට නෙරා තිබූ විශාල කළුගලක් ඉවත් කිරිමට උත්සාහ දරමින් සිටි තිදරු පියකු එම ගල හිස මතට පතිත වීමෙන් මියගිය බව ඉමදුව පොලීසිය කියයි. 03 September 2017
ශ්‍රීලනිප සම්මේලනය ඇරැඹෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වැනි සංවත්සර සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි. 03 September 2017
ගීතා සුව අතට පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව ලංකා හොස්පිටල් හි වෛද්‍ය අධ්යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 03 September 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026