සුජිත් හේවාජුලිගේ
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය නොදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
‘‘ඔබතුමා විපක්ෂ නායක වුණේ උතුරු නැගෙනහිරට පමණක් නොව මුළු රටටමයි. මුළු රටේම ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. බරපතළ චෝදනාවක් සහිත යෝජනාවකට විරුද්ධව ඡන්දය දුන්නොත් ටීඑන්ඒ සංවිධානයට බරපතළ අපවාදයක් විඳින්න සිදුවේවි. ඒ නිසා විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් කරනවා.‘‘ යැයි රතන හිමියන් ප්රමුඛ මන්ත්‍රීවරුන් යැවූ එම ලිපියේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමි හෙට (31) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.
මේ අතර තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට රජයේ නායකයන්ගෙන් තවම කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, අපි සිව්පසය දෙන දායකයෝ... තමන්ගේ වගකීම තේරුම් ගන්න. ඔබ වහන්සේ බුදු දහම ගැන නෙමෙයිනේ දේශනා කරන්නේ... දේශපාලනය ගැනනේ. දේශපාලනයට කඩේ ගිහින් ආගමට අපහාස කරන්න එපා...
හාමුදුරුවෝ කියන්නේ ග්ලිකොෆොස්ට් තහනම ඉවත්කලොත් දෝෂාභියෝගයට පක්ෂයි කියල. එතකොට ග්ලිකොපොස්ට් සහ බැඳුම්කර හොරකම අතර සම්බන්ධය මොකක්ද?
හාමුදුරුවනේ, අපි සිව්පසය දෙන දායකයෝ... තමන්ගේ වගකීම තේරුම් ගන්න. ඔබ වහන්සේ බුදු දහම ගැන නෙමෙයිනේ දේශනා කරන්නේ... දේශපාලනය ගැනනේ. දේශපාලනයට කඩේ ගිහින් ආගමට අපහාස කරන්න එපා... හාමුදුරුවොත් ඩබල් ගේමක් ගහනවා වගේ... හාමුදුරුවනේ, ග්ලයිකොෆොස්ට් තහනම දිගටම තියා ගන්න ජනපති සමග කතාකරන්න. හොරුන්ට කඩේනම් යන්න එපා... අපටයි පව් සිදුවන්නේ මේවා නිසා..
අපි හැමදාම දුක් විඳපු අය...
මුන්නාන්සේ ඉගෙනගෙන තියෙන්නේ අනිකුත් බෞද්ධයන් ඉගෙන ගත්ත බුදුදහම නොවෙයි. තමන්ට බුදුවෙන්න උදව්වූ පිටදුන් බෝධියටත් අනිමිසලෝචන පුජාවෙන් බුදුන්වහන්සේ සැලකුවා. නමුත් මේ හාමුදුරුවෝ තමන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත් පුද්ගලයාට කොහොමද සලකන්නේ? බෞද්ධ අපිට මතක්වෙන්නේ අපේ හාමුදුරුවරුම බණ කියනවිට නිතර මතක්කරන අර වානර ජාතකයේ එන පව්කාරයවයි. කෙටියෙන් කතාව මෙන්න. වලක වැටී සිටි පුද්ගලයෙක්ව වඳුරෙක් බොහොම වෙහෙස මහන්සි වී ගොඩගත්තලු. මහන්සි වැඩිකමට වඳුරට හොඳට නින්ද ගියාලු. නිදාසිටින වඳුරා දෙසබලා මේ දුෂ්ඨයා තීරණය කලාලු මේ වඳුරා මරා මස්කර ගමට ගෙනියන්න ඕනෑ යැයි කීය. විශාල ගලක් අරන් නිදාසිටි වඳුරට පහර දුන්නලු. මේ තමුන්ව බේරාගත් වඳුරා කියා නොසිතා.... කෙලෙහි ගුණ නොසලකන අය ගැනයි අපේ හාමුදුරුවරු මේ කතාව කියන්නේ....
නිර්මල බුදු දහමට අනුව භික්ෂුවකට පාර්ලිමේන්තුවට ගිහින් දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා චීවරය දාගත්තට හාමුදුරු කෙනෙක් නොවෙයි. රතන හිමිව පත්කළ පක්ෂයට ද්‍රෝහිකම් කළත්, දෙමළ මිනිස්සු ඊට වඩා ගුණවත්. ඒ බව අමතක කරන්න එපා.
ඇයි හාමුදුරුවනේ මෙම යෝජනාව මුස්ලිම් මැති ඇමැතිලාට නොදුන්නේ? ඔවුන්ටත් මෙම යෝජනාව යොමු කරන්න. මස්තාන් මන්ත්‍රීවරයාව හැර ඔවුන් සේරම අගමැති ආරක්ෂා කරන්න ඉන්නේ. ඔවුන්ට සාක්ෂිත් නැහැ.
මේ ගැන කතා කරන එකත් නිෂ්ඵලයි. මොන මගුලකට දේශපාලනය කරනවද? අපිට වැඩක් නෑ හාමුදුරුවරුන්ගේ දේශපාලන බණ... අගමැතිතුමාට විශ්වාසභංගයක් ගෙනත් තියන එකේ කැමති කෙනෙක් කැමති තීරණයක් ගනියි.
පුදුම හාමුදුරුකෙනෙක්. ග්ලයිපෝසෙට් කියන වල් නාශකය ගැන එක්තරා දොස්තර කෙනෙක් කියපු ප්‍රකාශයකට හාමුදුරුවෝ හොඳටම රැවටිලා... ලණු ගිලලා...
අපේ හාමුදුරුවනේ මේ අය හිතාගෙන ඉන්නේ හාමුදුරුවරු ගිහියන්ට පන්සිල් සමාදන් කරවීම පමණයි කලයුත්තේ කියලා. මොකද මේගොල්ලෝ දන්නා ඉතිහාසයක් නැත.
ඔය ගොල්ල කියන්නේ රතන හාමුදුරුවන්ට බැදුම්කර වංචාවට පක්ෂ වෙන්න කියලද? අපි මොන හොරාටත් විරුද්ධයි. මේ අවස්ථාවේ හොදම දෙය රනිල් අගමැතිකමෙන් ඉවත් වීමයි.
"නමුත් මේ හාමුදුරුවෝ තමන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත් පුද්ගලයාට කොහොමද සලකන්නේ" මොකක්ද හලෝ ඒ කතාවේ තේරුම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවා කියලා රටට වැඩක් නැති කෙනෙක් කියලා පෙනෙනකොට එයාට විරුද්ද වෙන්න බැරිද? මේ අගමැති මේ රටට කරපු සේවය පෙන්වලා එයාව රකින්න කියන කිසිම කෙනෙක් මම දැක්කේ නැත. මෙයා ගියොත් අපිටත් කෙලවෙනවා කියන එක දන්නා නිසා මේ විශ්වාස බංගෙට විරුද්ධ වෙනවා මිස වෙන කිසිම හේතුවක් මෙයා රැක ගන්න ඉදිරිපත් කරන්නේ නැත.
හාමුදුරුවනේ, ඔය සිවුර පැත්තක තියලා එන්න කෙලින්ම දේශ පාලනේ කරන්න. තමන්ගේ වැඩි වාසියට සිවුර යොදා ගන්න එකම පාපයක්! නොයෙක් චීවර ධාරීන්ගෙන් මේ රටට සිදුවී ඇති හානිය අප්‍රමාණයි. ශාසනේ නාමයෙන් සිවුර අතහරින්න!
එදා සිදුහත් කුමාරයා සක්විති රජකම අතහැරියා. සියලු යස ඉසුරු, පින්වත් යසෝදරාව සහ එකම පුතුද අත්හැර ගොස් ලොව්තුරා බුදු බවට පත් වුනා. අද සමහර දෙනා බුදු දහමට එරෙහිව පාර්ලිමේන්තු ගිහින් අමුතු බුදු දහමක් නිර්මාණය කරන්න වෙහෙස දරනවා. කවුරු මොන සෙප්පඩ විජ්ජා කලත්, බොරුව පිරිහෙනවා. ශ්‍රී සද්ධර්මය පවතිනවා. කරුමය කියන්නේ මේවා හරිහැටි නොදැන ඒවාට උපදෙස් දී දහමට නිගා දෙන බමුණොත් සිටිනවා. වලිගය තිබුණානම් ඒ අයව හොරු මරාගෙන කන බව ඒ අයම දන්නේ නැත. (කරුණු වරදවා වටහා ගන්න එපා. ආවේගශීලී නොවී මේ ගැන බුද්ධියෙන් සිතා බලන්න.)
කලින් මහින්ද සරණන් ඊළඟට රනිල් සරණන් දැන් පේන විදිහට ගෝඨා සරණන් දේශපාලනයෙන් ඉවත් කල යුතු චරිතයක්
අඟේ ඉඳන් කන කනවා කියන්නේ මේකට කියලා නොදන්නා අයට... විශේෂයෙන් පාසැල් ළමුන්ට හොඳ උදාහරණයක්.
හාමුදුරුවනේ, අකැප නැද්ද ඔය වගේ ඉල්ලීම් කරන්න. ඔතැන තිබෙන්නේ ඊර්ෂ්‍යාව සහ වෛරය නොවෙයිද?
ලංකාවේ මහාසංඝයා හිටියේ නිවන් යවන්නම නොවෙයි.
හාමුදුරුවනේ පාර්ලිමන්ට් එකට ගියේ එජාප ලිස්ට් අකෙන් බව අමතක කරන්න එපා. ඔබ වහන්සේලා ලංකාවේ දේශපාලනය අවුල් කරනවා. සදාචාරාත්මක වන්න. චීවරය පසෙක දමා ආපසු ගිහිගෙට යන්න. අපි දන්නවා ඔබ වහන්සේලාගේ ඊළඟ පිම්ම ජනාධිපතිවරණය සඳහායි.
අාණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වෙන්න රතන හාමුදුරුවෝ දුන්න ලණුත් බලපෑවා. ගොවීන්ට විකල්පයක් නොදි රසායනික පොහොර, කෘමිනාශක තහනම් කළා. ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් තිබුණෙත් නෑ. ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීම් සිදුවුණෙත් නෑ. මේවට වගකියන්න ඕනේ ඒ අයම තමයි. අපි දුන්න ඡන්දෙට අයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකුත් අරන්, අණ්ඩු පෙරලන්න යනවා. ඔක්කොම පව් අගමැතිවරයාගේ කරපිටින් යවන්න යනවා. එතකොට අගමැතිවරයගේ පක්ෂයට වඩා භාගෙකටත් අඩුවෙන් ගත්තා. තමුන්නාන්සේ උපදේශකකම් කරන ජනාධිපතිතුමාට දෝෂාභියෝගයකුත් ගේනවද?
ලංකාවේ සදාචාරය පිරිහීමට ප්‍රධානම හේතුවක් නම් ධාර්මික ගුණාංග මහජනතාවගෙන් දුරස්වීමයි. එහෙම වෙන්න හේතුව ධාර්මික ගුණාංග ගැන කියලා දීමට ඇප කැප වෙලා සිටින අයත් බුදුරජාණන් වහන්සේ වදාළ වදන් පසෙකලා දේශපාලනයට මුල් තැන දෙමින් නායකත්වය දෙමින් ජනතාවට වැරදි පූර්වාදර්ශ දීමයි. බුදුරජාණන්වහන්සේ වදාළ ධාර්මික ගුණාංග අනුව දේශයක් වශයෙන් අප රට වැසියන් ජීවත් වුණොත් ලංකාව අද පවතින තත්වයට වැටෙන්නේ නැහැ. අනේ හාමුදුරුවනේ දැන්වත් මේ අපිරිසිදු දේශපාලනය පසෙකලා අපේ රටට යහපතක් වෙන අයුරින් බුදුවදන් අනුකූලව යහපත් ජීවිත ගත කිරීමට රටට, ජාතියට ආදර්ශයක් වෙන්න කියා ඔබවහන්සේගෙන් ඇතුළුව අනිකුත් මහාසඟරුවනෙන් මම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා.
රතන හිමිගේ අගමැති සිහිනය !!!
අනේ ඔයාව පත් කල කෙනාට කෙලවෙලා අපට හේත්තු වෙන්නද එන්නේ ? දැනගන්න අපටත් යන්තම් හරි ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂයක් කියලා.
මේකට කියන්නේ "අමු කැවිලා" හා හා වැරදුණා "අමු වැළඳිලා" කියලයි.
'අඟේ ඉඳන් කන කනවා ' කියන්නේ ඕකට නේද හාමුදුරුවනේ ! ඔබ වහන්සේට නිවන් සැපම ලැබේවා !!!