හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
ජේසුස් ස්වාමින් වහන්සේ මහා සිකුරාදා දිනයේ දි කුරුසියේ ඇණ ගසා ඝාතනය කළ පසු යක්ෂයින් මනුෂ්‍යයන් පාපයට ඇද ගැනිමට තමන් රිසි අයුරින් කටයුතු කළ හැකි බව සිතමින් ලෝකය පුරා යමින් නිදහසේ සැරිසැරු බවට විශ්වාසයක් සමස්ත ලෝකවාසි කිතුණුවන් තුළ පවතී.
ඒ අනුව මෙම මහා සිකුරාදා දිනයෙන් පසු එළෑඹෙන සෙනසුරාදා වන අද දවසේ ( 31 දා ) සමහර කිතුණුවන් සිය සිරුරු පුරා කඵ තෙල් තවරා කොළ අතු එල්ලා ගෙන යක්ෂයින් සේ සැරසී විථි සංචාරය කරමින් එදා සැබෑ යක්ෂයින් ලොව පුරා නිදහසේ සැරිසැරූ ආකාරය සමරමින් ගමන් කළ අයුරු දැක ගත හැකි විය. කිතුණුවන් බහුලව ජීවත් වන මුහුදු කරයේ මෙම දසුන් අද දිනයේ දැක ගත හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පෝය දිනය කියලා අමතක වෙලා. පෝය දිනය ගැන කිසිම දෙයක් නැහැ. සහජීවනයට බාධා වෙනවට බයද?
ඊසා තුමා නැවත පහළ වුනාම සත්‍ය මොකද්ද කියලා දැන ගන්න පුළුවන්. ඒ වෙනකම් ඕනෑම දෙයක් කරන්න.
මේ කිතුනු විශ්වාසය නොවේ. මහා සිකුරාදා දිනය තුළින් ලැබෙන පණිවුඩය නොවේ. මහා සිකුරාදා පණිවුඩයෙන් කියවෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුලින් උන්වහන්සේ පාපය, ඒ තුලින් පැමිණි සදාකාලික මරණය සහ යක්ෂයා පරාද කොට මිනිසාට දේව රාජ්‍යයට පිවිසීමේ මාර්ගය විවෘත්ත කළ බවයි. කිතුණු විශ්වාසයේ මෙවැන්නක් සඳහන් නොවේ. යක්ෂයෝ එකල මෙසේ සැරිසැරුවා කියා ශුද්ධ බයිබලය තුළ කොතැනකවත් සඳහන් නොවේ. මේවාට මිනිසුන් පොළඹවන මේවාට අවසරය දෙන ඇත්තන් දේව වචනය ගැන ඇති දැනුම පිළිබඳව පරීක්ෂා කර බැලිය යුතුය.
මෙතන ආගම්වාදය ඇදගෙන නටන්න තරම් දෙයක් නැහැ. මේක එක පුවතක් විතරයි. මමත් මෙහෙම දෙයක් ඇහුවමයි. නමුත් එහෙම සම්ප්‍රදායක් තියෙනවා නම් සහ ඒ සාම්ප්‍රදායික සිරිත් ඒ තුළින් කාටත් හිරිහැරයක් නොමැති නම් සාම්ප්‍රදායික සිරිත් විරිත් රැකගැනීම ඉදිරියටත් පවත්වාගෙන යාම කාගේත් යුතුකමක්.
යකුන් කලුද? එවැන්නේක් සිටී නම් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට, නිදහස විඳීමට ඉඩක් නැද්ද? යකුන්ට සැනසුම අකැපද? කෙනෙකුට තවකෙක් පාපයට නරකයට අපායට හෝ ඊට සමාන තැනකට ගෙනයා හැකිද? එසේ හැකිනම් කෙනෙකුට තවකෙක් ස්වර්ගයට හොඳතැනකට මෝක්ෂයට හෝ ඊට සමාන තැනකට ගෙනයාහැකි විය යුතුය. එසේනම් එවිට පුද්ගලයෙකුගේ ඥානයට, ප්‍රඥාවට, ධෛර්යයට, වීර්යයට පෞරුෂයට, ස්වාධීනත්වයට අගයක් නෑ නේද? නිදහස් චින්තනය අගයන කිතුනු මිතුරෙකු පැහැදිලිකර දෙන්න.
කාලයෙන් කාලයට මනුෂ්‍යයන් බලයෙන් පාලනය කිරීම සඳහා නොයෙක් රට රාජ්‍යන් සදා ගත්තු උපායන් තමයි ඕවා.
ඔය විදියට අප්‍රිකාවේ ඉන්න ඔක්කොම යක්කු වෙන්ට ඇති .....
කළු මිනිස්සු යක්ෂයන්ද ?
මෙවැනි දේවල් තමන්ගේ විශ්වාසය අනුව කලාට කමක් නැහැ. නමුත් කළුතෙල් කියන්නේ පාවිච්චි කරපු එන්ජින් ඔයිල්. ඒවායේ විවිධ රසායනික ද්‍රව්‍ය තියනවා. ශරීරයේ තවරා ගැනීම සුදුසු නැහැ. සුදුසු විකල්පයක් පාවිච්චි කරන්න.
ජේසු තුමා නැවත පැමිණෙනවිට එයට ආයේ කෙනෙහිලිකම් කරන කට්ටියක් ඉදී මේවා ජේසුතුමාගේ මග පෙන්වීම් නොවේ .
මේක ආගම්වාදය නෙමෙයි වර්නබේද වාදය... කළුහම් මිනිස්සු යක්කු කියල පහත් කරන්න හදන සුදුහම් මිනිස්සුන්ගේ උපායික වැඩක් වෙන්න පුළුවන්. නැතිනම් යක්කු කලුයි දෙයියෝ සුදුයි කියන්න යක්කුවත් දෙයියෝවත් දැකපු කෙනෙක් නැහැනේ.
මමත් කතෝලික... මෙහෙම දෙයක් දැක්කමයි. මේක අපහාසයක් වගේ නිකන්...
ඇතැම් බෞද්ධයෝ තම ධර්මය වෙනුවෙන් ඉටු කළ යුතු බොහෝ දේ අතපසු කරමින් අනුන්ගේ ආගම් විවේචනය කිරීමට කාලය වැය කරනවා. ඒකයි උතුම් ධර්මය දවසින් දවස අපේ රටින් පිරිහෙන්නේ...
ඔය කියන යක්කු මේ අහිංසකයෝ නම් වෙන්න බැහැ. මම කියන්නම් කවුද යක්කු කියලා. ඔය තමන්ට තමන්ගේ රටවල් තියෙද්දී අනිත් රටවල් වලට ඇවිත් ඒ මිනිස්සුන්ගේ රටවල් අල්ල ගත්තු ඔය අාගමම අදහන ආත්මාර්ථකාමී බටහිර ජාතින් තමා නියම යක්කු. ඔන්න ඔය අදහස තමා අපි ඉදිරිපත් කරන්න ඕනෑ.
මෙවැනි දෙයක් මම කිතුනු විස්වාසයේ හෝ බයිබලයේ කොහෙවත් සදහන් වෙන්නේ නැහැ. ඒවගේම මේවා කවදාවත් ලංකාවේ සිදුවුන බව මටනම් මතක නැහැ. ජේසුන්වහන්සේ ගේ මරණයෙන් සනිටුවුන ප්‍රධාන පණිවිඩය වන්නේ, යක්ෂයා, සදාකාලිකව පරාජයකල බවය. බයිබලයේ සදහන් වන්නේ ජේසුන් වහන්සේ ඔහුගේ හිස පොඩිකල බවය. (උප්පත්ති 3:15)
එතකොට ග්‍රීස් යක්කු කියලා ගෙවල් වලට පැනලා තියෙන්නේ කතෝලික අයද?
කිතුනු රටක් වන ජර්මනියේවත් මහා සිකුරාදා මෙහෙම යක්කුන්ට අදින සිරිතක් නැත.
අවුලක් නැහැ ...අපේ දියවන්නාව පැත්තෙත් මේ ජාතියේ මිනිස්සු තමයි දැන් ඉන්නේ..