(රංජිත් රාජපක්‍ෂ )
නොර්වුඩ් වතුකරයේ ප‍්‍රධාන දේශපාන පක්ෂ දෙකක ආධාරකරුවන් හා ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍රවරුන් පිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන එම දේශපාලන පක්ෂ දෙකෙහිම ආධාරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත‍්‍රාත් ටි. සරවනරාජා මහතා වෙත ඉදරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
ඉකුත් (28) වැනිදා මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට නව සභාපතිවරයා පත්කර ගැනිම සමිබන්ධයෙන් එම දේශපාලන පක්ෂ දෙක අතර ඇතිවු මත භේදයක් හේතුවෙන් එදිනම පස්වරුවේ නොර්වුඩි ප‍්‍රදේශයේදි දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවිය.
ගැටුමෙන් පසු නොර්වුඩි ප‍්‍රාදේශිය සභාවට තේරි පත්වු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභිකයින් දෙදෙනෙකු හා එම පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනෙකුත් කම්කරු ජාතික පෙරමුණේ ප‍්‍රාදේශිය සභා සභිකයෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළු කිරිමෙන් පසු එක් ප‍්‍රාදේශිය සභා සභිකයෙකු වැඩි දුර ප‍්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහලට යවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් කරන්න ලොකු හේතුවක් තියන්න ඕනේ. ජනතාවගේ මුදල් හිර කරුවන්ට වැය වන්නේ, මේවා පහසුවෙන් සමතයට ගත හැකි කල හැකි කරුණු. පොලිසියට එය කල හැකියි. වඩාත්ම සුදුසු වහාම නඩුව කදව සමතයකට පත් කිරීමයි. කාටවත් මාරාන්තික තුවාල නැහැනේ.
පාර්ලිමේන්තුව ගත්තොත් එතන ගහගන්නවා. ප්‍රාදේශීය සභා ගත්තොත් ඒවායෙත් ගහගන්නවා. පළාත්සභා, නගරසභා, මහනගරසභා වෙනසක් නැහැ මේවායේත් වැඩිපුරම වෙන්නේ නොයෙකුත් මත බේද නිසා සාකච්ඡා මගින් විසඳා ගැනීමට මානසික බුද්ධියක් නොමැතිවීමෙන් නොහැකියාව නිසා ශාරීරිකව ප්‍රශ්න විසඳාගැනීමට තැත් කිරීමයි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබලා මේකද ලංකාවට දැන්වෙනකොට උරුම වෙලා තිබෙන තත්වය? මෙහෙමද ජනතාව රට ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ?