තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අධිකරණයෙන් වරෙන්තුවක් ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් උදයංග වීරතුංග මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වැඩිදුර විභාගය ලබන මැයි 19 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කරන ලෙසත් රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන මාන්නප්පෙරුමගේ ලතා ඉන්ද්‍රානි මහත්මිය මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ඒ.ඇල්.රත්නපාල මහතා ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නේද රජයේ දේපොළ හොරකම් කරලා ධනවත් වෙලා මදිවට වන්දිත් ඉල්ලනවා ...
මහජන දේපල සොරකම් කර පවුලේ අය සමග බෙදා හදාගෙන බහුතර ජනතාව වන අපගේ මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම වෙනුවෙන් කෝටි 100ක් අය කර වෙනම නඩුවක් පැවරිය යුතුයී! 2020 ට පෙර එය විබාග කර ඉවර කල යුතුයී! නැත්නම් අපගේ ජීවිත අයතිවාසිකම ඉබේම නැතිවනු ඇත!
චානක, හොරෙක් යයි යමෙකුට ආමන්ත්‍රණය කිරීමට ප්‍රථම අප පරිස්සම් වීමට බුද්ධිමත් විය යුතුයි. මන්ද යත් ඔබ අප අදහන ආගම් වල, එය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරුණු ඉතා හොඳට පැහැදිලි කර තිබෙනවා. යමෙක් නීතියෙන් හොරෙක් වූ දිනක ඔහු සැබවින්ම හොරෙක් යයි පවසමු. එතෙක් ඉවසමු.
මේවා කල් යවන්නේ නැතුව ,ශිරාණි බණ්ඩාරනායකගේ ,පොන්සේකාගේ වගේ නඩු අහපු අධිකරණ ක්‍රමය අනුව අහන්න බැරිද ?
මේ පට්ට හොරුන්ට රැකවරණය දෙන්නේ කවුද?
මහාපරිමාන ටයිකෝට් හොරු ගොඩ එන්නත්, හිඟන හොරැ හිරබත් කන්නත් පාතාලය රජ වෙන්නත් මේ නඩු කල්යන අකාර්යක්ෂම උසාවි ක්‍රමය ලොකු අනුබලයක්. මේකෙන් ගොඩ යන්නේ නීතිඥ පාර්ශවයත් කම්බා හොරුනුත් පමණයි.
පළමුව අධිකරණ මාෆියාව රටින් තුරන් කල යුතුයි.
ඔන්න ගෙනාවා, මෙන්න ගෙනාවා කියූ උදයංග වීරතුංග වත් තාම ගෙනාවෙත් නැහැනේ. මේ අත්අඩංගුවට ගැනීමෙන් බොහෝ දේවල් කලමනාකරණය සහ සමනය කර ගත හැකිය.