(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ඉන් ඉදිරියට සම්මුතිවාදී රජය පවතින්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙම විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තු තීන්දුව ලැබෙන අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුවද අවසන් කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ ස්ථාවරය වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂා කළ යුතු නම් අගමැතිවරයා ජනතාව හා රට ගැන සිතා 4 වැනිදාට පෙර තීන්දුවක් ගත යුතුයැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශ්වාසභංගය සම්බන්ධයෙන් ඊයේ (29 ) රාත්‍රියේ සාකච්ඡාවක් කර ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණත් එය සම්පූර්ණ අසත්‍යයක් බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.
මෙවැනි කිසිඳු හමුවක් සිදු නොවූ බව ජනාධිපති මාධ්‍ය තමන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙවන් අසත්‍ය ප්රවෘත්ති පතුරවන්නේ ඡන්දය ගැන විශ්වාසයක් නැති අය බව කී අබේවර්ධන මහතා කිසිම දේශපාලන පක්ෂයක් තවම විශ්වාසභංගය පිළිබඳ ස්ථාවරය පළ කර නැතැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හදන්නේ බලෙන් ආණ්ඩුව ගන්න. මේ අයගේ මහ එක්කෙනත් එක්ක අායෙමත් රටේ ජනතාවගේ මහජන මුදල් දේපල මංකොල්ල කන්න දෙන්නම හොඳ නැහැ. මේ අයවත් එළවලා දාන්න ඕනේ.
ව්‍යංගයෙන් කියන්නේ එයාලත් පොහොට්ටුවම තමයි කියලනේ.
විශ්වාසභංගය දිනන බවයි පෙනෙන්නේ. කළගුණ නොදන්නා අන්ත පරාජිත කල්ලියක් සමග ඉන්නවාට වඩා වෙන්වී වෙනම රජයක් පිහිටුවන එක වඩාත් හොඳයි.
මේ ගොල්ලන්ගේ හුලගක් වත් වදින්න එපා කියල එජාපය තනි ආණ්ඩුවක් ගෙනියන්න. අගේ ඉදන් කන කනවා නේද?
පාරාජිකා වෙච්ච දෙපිට කාට්ටු පර පෝෂිතයින් ආණ්ඩුවට වැද්ද ගන්නකොටම අපිටත් හිතුණා සර්පයින්ව රෙද්ද අස්සේ දා ගත්තු බව! ඒ කොහොම වුනත් උන්නැහේ ඔහෙලට ඔය පෙන්නේ දවල් හීන! රටට ජනතාවට කෙළවුනත් කමක් නැහැ... තමන්ගේ බොක්ක පිරෙනවා නම් කියලා හිතන දේශපාලකයින් පිටු දැකිය යුතුයි!
අර ගමේ කතාවක් තියනවනේ "බල්ලෝ අසුචි නොකයිද? ", කියලා නැවත සූරා කෑම පටන්ගන්න නේද යන්නේ? එක්සත් ජාතික පෙරමුණට තනිව ආණ්ඩුවක් කිරීමට ශක්තිය ලැබේවා !!!
මේ කියන්නේ ඇමතිකම රැක ගන්න ඕනෑ නම් විශ්වාස භංගේ දිනවන්න කියලනේ...?
මේ කෙනා එදා ඉඳලම කකුලෙන් ඇද ඇද හිටියේ රනිල්ගේ. මෙයා අරයගේ වලිගයක්...
මේ වගේ අපතයෝනේ අපි පත්කරගෙන තියෙන්නේ....
ඒ කියන්නේ මේ සම්මුතිය රටේ මහජන මුදල් ටික කාබාසිනියා කරලා රට ඉවරම කරන්න හදපු මර උගුලක්ද? රටේ විනාසය මේවා ඉහල ඉන්න දෙවියෝ බලාගනීවි.
එතකොට පින් ඇමතිලා ඔක්කොම ගෙදර??
පුළුවන් නම් මේ සම්මුතිවාදී කියන ලෙච්චමී ආණ්ඩුව ඉවර කර දමන්න