අංජුල මහික වීරරත්න
විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද (29) රාත්‍රී තීරණය කළහ.
අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයෝ මෙම තීරණයට පැමිණියහ.
එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්රතිසංවිධානයකට ලක්කර ජයග්‍රාහී මාවතකට යොමු කළ යුතු බව මෙහිදි එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් පවසා ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඊට පුර්ණ එකඟතාවය පළ කර තිබේ.
මේ අනුව විශ්වාසභංගය පරාජය කිරීම සඳහා තම සහයෝගය ලබා දීමට පක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාසභංගයේ අරමුණ ආණ්ඩුව පෙරලා දැමීම බව කියති. තවදුරටත් නාඩගමක් නොවන ආණ්ඩුව දැවී යන්නට තරම් බලවත්ව ඇති මේ "ගිණිගොඩ" ඇවිලීගියේ ආණ්ඩුවේම දුබලකම නිසාය. ආණ්ඩුව බලයට පත්උනේ දුෂිතයන් හිරේ යවන පොරොන්දුව මතිනි. නමුත් බලය බාරගත් සමහරු වැඩිකල් නොගොස් හොරුන් සහ දූෂිතයන් යයි චෝදනා කල අය සමග ඩීල් දේශපාලනයක් ආරම්භ කළහ. මේ ගින්න පටන්ගත්තේ එපරිද්දෙනි. රහස් එකඟතා සමග බියෙන් වෙලී සිටිය දූෂිතයන්ගේ බිය පහව යන්නේ ‘ගෙරවූ තරමට වහින්නේ නැති බව ‘දැකීමෙනි. බිය දුරුවීම සමගම ඔවුන් නිකම්ම බලා නොසිට අලුත බලයට පත් අය දුබල කිරීමට ‘ දිය බොර කිරීමේ’ ක්‍රියාදාමයක් ආරම්භ කළහ. බලය අහිමිවී මාස තුනක් යාමට පෙර නුගේගොඩට එකතුවූ ඔවුන් තම ‘ජනප්‍රියවාදී’ මත ප්‍රචාරය ඇරඹුහ. ඉන්පසුව සියල්ල ගිණි ගොඩක් දක්වා වර්ධනය කරවීමට ඔවුන් සමත් වුහ. හිටපු පාලකයින්ට හිතවත් මාධ්‍ය මෙහිදී විශාල කාර්ය භාරයක් ඉටු කළහ. මේ විශ්වාසභංගය යනු "දිය බොර කිරීමක්" බව වටහා නොගන්නා වත්මන් පාලකයින් කරකියා ගන්නනට දෙයක් නොදැන හිස "ගිණිගත්" ලෙසින් හැසිරෙන්නේ දිය බොර කල කණ්ඩායමේ "නුල් සූත්තර" දැලේ පැටලී තම විනාසය ලඟා කර ගෙන බවයි පෙනෙන්නේ.
රනිල් මහත්තයාට බය වෙන්න දෙයක් නැහැ
කවුද මේ ?
හොර නඩයේ බලාපොරත්තු දවසෙන් දවස දියවෙනවා .
විශ්වාසභංගය යෝජනාව පරාජය කිරීම හොරුන්ට අයිති වැඩක්...