එස් .ඩී .කොඩිකාර
වයස අවුරුදු දහයක තම දියණියට පෙට්‍රල් වක්කර ගිනි තැබීමට තැත් කළ බව කියන පියකු (28) අද (29) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි.
මෙම දැරිය හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. දැරියගේ මව විදේශගත වී සිටින බවත් දැරිය පියාගේ මව සහ පියා සමඟ ජීවත් වූ බවත් පොලිසිය කියයි.
දැරියගේ හිසට පෙට්රල් වත් කරන ආකාරය දැරියගේ සීයා දැක ඇතැයි ද, ඔහු දැරිය බේරා ගෙන පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පියා මුර්ග පියෙක්ද? මෙම කෙනාට පියා කියන්නේ කෙසේද ??
දැරියට වයස අවුරුදු 10යි. පියාට 28යි. ඒ කියන්නේ අඩුම තරමේ පියාට අවුරුදු 17 දී තමයි දරුවා හදල තියෙන්නේ. පියා පාසල් යන වයසේ කසාද බැඳලා ළමයි හදලා, මව පිට රට යවලා දැන් ඉන්නේ මාරාවේශයෙන් වගේ කියලයි මට හිතෙන්නේ. ඔවැනි පිඅවරුන් තමයි තමන්ගේම ලෙයින් ජාතක වූ අඩු වයස්කාර දියනියන්ව දුෂණය කරන්නේ..