(ඉන්දිකා රාමනායක)
මාලි රාජ්‍යයේ එක්සත් ජාතික සාමසාධක කටුයතු වන නිරත ශි‍්‍ර ලංකා හමුදා කණ්ඩායමක් ඉලක්ක කර කිලෝ 35 ක බෝම්බයක් පුපුරා හැරීමට සුදානම් වු එරට ත්‍රස්තවාදි සාමාජිකයකු බෝම්බයක් සමග යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හමුදාව කියයි.
යුද හමුද රථ පෙළක් (කොන්වෝයි) ඉල්ලකරගෙන සැකකරු ඉකුත් (28) දින මෙම බෝම්බ පුපුරවා හැරීමට උත්සය ගෙන තිබු බව හමුදා ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
හමුදා රථ පෙළ එන ගමන් මාර්ගයේ සැකකරු රැදී සිට එකවරම දිව යාමට සුදානම් අවස්ථාවේ හමුදා සමාජිකයන් ට ඔහු පිළිබඳව ඇති සැකකයක් මත සැකකරු අල්ලාගෙන ඇති අතර එම අවස්ථාවේ ත්රස්වාදියා සතු බෝම්බය හා එය පිපිරවීමට සොදා ගන්නා දුරස්ථපාලකය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බෝම්බය හා සැකකරු හමුදාව විසින් මාලි පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ලංකාවේ ආමි කොල්ලන්ගේ දක්ෂතාවය. ඔන්න ඕක තමයි අපි කියන්නේ ලෝකෙන්ම අපේ කොල්ලෝ තමයි ත්‍රස්තවාදේ රටෙන් තුරන් කලේ කියලා. අපේ එවුන් ඕනෑම දේකට දක්ෂ එඩිතර රණවිරුවෝ...
යුද අපරාදයක් වෙයිද දන්නේ නැහැ නේද?
මාලි වල ඉන්නේ අපේ රටේ හමුදාව විතරක් නෙමෙයි රටවල් 13ක හමුදා සාමාජිකයින් ඉන්නවා. ඔවුන් කොන්වෝයි එකක යන්නේ මිශ්‍ර වෙලා. මේ සැකකරුවා අල්ලලා තියෙන්නේ ඉන්දියන් හමුදාවේ අය කියලයි මෙහෙ පත්තරේ තිබුණේ. කතාව ඇත්ත.... හයිටි වල විතරක් කාන්තා අපචාර 47ක් කියලා ඔප්පුවෙලා රහසේම ඔවුන්ව ලංකාවට එවුවා. මේවට ගියෙත් මහරජාගේ ගෝල බාලයෝ. ඒ හයිය අරගෙන වැඩ කරලා රට නෝන්ඩි කළා.
කොහොමද 88-89 හමුදාව ?
අපෝ කොච්චර දක්ෂ රණවිරුවෝ හිටියත් තවම ඒ පුද්ගලයාව අල්ලන්න බැරිවුණානේ.. ලැජ්ජයි.
කොප්පරා ඉන්නේ සිරිකොතේ... ලියන ඒවායින් නම් හොඳට තේරෙනවා.
ලංකාවෙන් ගිය සේනාව අපේ රටේ නම කැත කළා.. හයිටි වල. හයිටි කියලා ගූගල් කරලා බැලුවොත් පෙනෙයි. ලංකාවේ රණවිරුවන්ගේ දූ දරුවන් හයිටි වල පාරවල් වල පවා ඉන්නවා. මේවට දේශපාලනය පලි නැහැ. විකිපීඩියා වල පවා මේ ගැන විස්තර තියෙනවා
ඔය බෝම්බ කාරයව අල්ලලා තියෙන්නේ බංගලි හමුදාවේ කට්ටියක් කියලයි සීඑන්එන් එකේ කිව්වේ. මාලි වලත් පොඩි පොඩි බාලඅපරාධ කාන්තා අපචාර කිහිපයකුත් කරලා තියෙනවා. හයිටි වල නම් හමුදාවන් ගන්නම දෙයක් නැහැ. කිහිප දෙනෙකුට ඒඩ්ස් පවා හැදිලා. හමුදාවේ නම කැත වෙනවට මේවා ලංකාවේ පල නොවුනට මුළු ලෝකෙම පත්තර වල, ටීවී වල සහ අන්තර්ජාලයේ පලවෙනවා. ඇත්ත කියන්න ලියන්න කවුරුත් බයවෙන්න ඕනේ නැහැ. ඕවායේ වැඩි පඩි නිසා කොයි ආණ්ඩුව ආවත් හමුදාවේ ඉන්න පන්දම් කාරයන්ව තමයි යවන්නේ. රටේ විනයක් නොමැතිකොට හමුදාවේ විනයක් තියෙයිද?
කොටින්ට විරුද්ධව යුද්ධේ දිනුවේ ගෝඨා බව මේ ගොල්ලන්ට දැන් අමතක වෙලා වගෙයි.