වසන්ත චන්ද්‍රපාල
උඩවලව ඇත් ඇතුරු සෙවණේ හැදුනු අලි පැටව් නවදෙනෙකු මාදුරුඔය ජාතික වන උද්‍යානයට මුදා හැරීම අද (30) වනජීවී අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය වනජීවී උද්‍යානයේදි සිදුවිය.
වසර හතරක කාලයක් පමණ ඇත් අතුරු සෙවණේ හැදුනු පිරිමි අලිපැටව් පස් දෙනෙක් සහ ගැහැණු අලි පැටව් 04 දෙනෙක් මෙසේ මුදා හරිනු ලැබුහ.
මෙසේ මුදාහරින අලි පැටවුන්ගේ බෙල්ලේ විශේෂ කරපටියක් සවිකර තිබු අතර එමගින් මෙම අලිපැටවා සැරිසරන දිසාව හඳුනා ගැනීමට එය භාවිතා කරන බව ඇත් අතුරු සෙවණ භාර ප්‍රධාන පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පැවසීය.
වනයට මුදා හරින මෙම අලි පැයවුන් පිලිබඳව මාස කීහිපයක් යනතුරු පසු විපරම් කීමටද කටයුතු කරන බව ඔහු පැවසීය.
අලි පැටව් වනයට මුදා හැරීමේ අවස්ථාවට වැඩ බලන වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් මංජුල අමරරත්න , සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් , පශු වෛද්‍ය මාලක කසුන් අබේවර්ධන , පශු වෛද්‍ය පිනිදිය අකලංක, පශු වෛද්‍ය දිනුෂාද සිල්වා යන මහත්ම මහත්මීන්ද සහභාගි වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අලි රංචුවකට සිටිය යුත්තේ එක පිරිමි සතෙක් පමණි.
අලි බැලිල්ලත්, බලි බැලිල්ලත් එපා වෙන්නේ නැත. ඒ තරමටම අලියා සොබා දහමේ අපුරු නිර්මාණයකි. ලොව අන් රටවල අලියාට වඩා අපගේ අලියා ලස්සනය. අලි සම්පත රැක ගැනීම අප සැමගේ යුතුකමකි.