චන්ද්‍රසේන ගමගේ
‘පළාත් පාලන ආයතන වල සභාපතිකම් අරගෙන කවුරු හරි උද්දාමයට පත්වෙලා වැඩ කරන්න ගියොත් අපි ඒ අය දණ ගස්සවලා තමයි පස්ස බලන්නේ.‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
‘ තංගල්ල නගර සභාවටත් මේ කාරනය අදාළයි. තංගල්ල නගර සභාවේ බලය ලබා ගෙන තම තමන් පෝෂණය වෙන්න එජාපයත් පොදුජන පෙරමුණත් මාන බැලුවා . ඒ හොරකම් වලට අපි ඉඩ තියන්න කැමති නැති නිසා අපි ස්වාධීන වුණා. නමුත් සභාපතිකම් අරගෙන උද්දාමයට පත්වෙනවානම් ඒ අය දන ගස්සවන්න අපිට බලය තිබෙනවා.‘ ද ඇමැතිවරයා අද තංගල්ලේදී කීවේය.
‘‘අගමැතිවරයාට ඉදිරිපත් කොට ඇති විශ්වාස භංගයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටට වැදගත් තීන්දුවක් ගන්නවා. ඒ සදහා ලබන දෙවැනිදා සිට හතර වැනි දින රාත්‍රී 08 වෙනකම් සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කොට අපි රටට වැඩදායී තීන්දුවක් ගන්නවා. අපි අපිට ලැබෙන පෞද්ගලික වරප්‍රසාද ගැන ඒ තීන්දුව ගැනීමේදි සලකන්නේ නැති බවත් සඳහන් කරනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වහසි බස් දොඩන්නේ අන්ත පරාජිත කණ්ඩායමක කෙනෙකු බව ජනතාව දන්නවා. තමන්ට වඩා බලවත් අය දණ ගස්සවන්න ගිහිල්ලා මේ ගොල්ලෝ පස්ස බිම ඇන ගත්තු හැටි අමතක වෙලා වගෙයි.
ඒ වගේම මහ ලේකම් කමෙන් උදම් වී කට මැත දොඩවල ලබන වර ඇපෙත් රාජ සන්තක වෙන්නයි යන්නෙ
හැමෝම මතක තියා ගන්න ඕනෑ වහසි බස් දොඩවන කොට. "බලය සැමදා නොපවතිනු ඇත" යන කියමන.
ඔය වැඩේට මර්වින් වගේ කෙනෙක් ගත්තොත් ගස් බඳින්නත් පුළුවන්...
ඔබ මහලේකම් කමින් උද්දාමයට පත්වෙලා වැඩ කරන විදියටද?
ශක්තිමත් මැතිවරණ ක්‍රමයක් නොමැති වුණාම මෙවැනි තත්ත්ව ඇති වෙනවා. හැමෝම තීරණාත්මක සාධක වුනාම කිසිම දෙයක් කරන්න බැහැ... ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වෙනවා.
සියලු දේශපාලකයන්ව දණ ගස්සවන්න පුළුවන් පොදුමහජනයාට බව ඉතිහාසය මනාවට ඔප්පු කර පෙන්වා ඇති බව සිහිකල්පනාවෙන් මතක තබා ගන්න.
මේ ඇත්තා ඡන්දයක් දිනලා එහෙම ආව කෙනෙක්ද මෙහෙම කියන්නේ, නැත්නම් වෙන විදිහක්ද?
මේ හාදයට "අමු කැවිලද" නැත්නම් "අසූචි" අනුභව කරලද?
මහජනතාව මොවුන්ව දණ ගැස්සුවේ පෙබරවාරි 10.. එ්ක මේ ඉක්මනට අමතක වෙලාද?
ගම පළාතේ ඉන්න එක්කෙනාගෙන් පාඩම් ඉගෙන ගන්න ඇති.