ක.ග කරුණාරත්න
ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත්කළ රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
දුප්පත් ජනතාවගේ ඉඩමක් පිළිබඳව ප්රශ්නයේදී දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වය මිනිසුන්ට ඉටුවිය යුතු යැයි ද , එහෙත් එය ඉටු වන්නේ රුපියල් ශත වලට , වෙනත් සම්පත් ලබාගෙන , වෙනත් දූෂිත ආකාරයෙන් සහ අවිනීත ආකාරයෙන් නම් රජයක් විදිහට මොන ප්‍රතිපත්ති හැදුවත් පලක් නැතැයි ද කීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන මෙතෙක් ඉඩම් ඔප්පු නොමැති පවුල් 1000 කට ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් අද (30) පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ සී.පී.ද සිල්වා අනුස්මරණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඉඩම් රාජ්‍ය ඇමැති ටීබී ඒකනායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නම් මොනම අංශයක් ගැනවත් කිසිම පැහැදීමක් නැහැ .
ලංකාවේ පුරවැසියන් ඡන්දෙ දීල ඔබතුමාව විධායක බලතල තිබෙන ජනාධිපති තනතුරට පත්කරේ වැඩ කරන්න පුළුවන් විෂයභාර ඇමතිවරු , නිලධාරී පත්කරන්න . නැතුව සුරඟන කතා අහන්න නොවේ , ඉස්සර හිටපු ජයවර්ධන , ප්‍රේමදාස , රාජපක්ෂ වැනි ජනාධිපතිවරු ප්‍රසිද්ධ වේදිකාවල තමන් යටතේ ඉන්න ඇමතිවරු නිලධාරීන් විවේචනය කරමින් කතා කලේ නැහැ. වැරදි කරන අදක්ෂ මිනිස්සු ඉවත්කර පුළුවන් කෙනෙකු පත්කළා. මම ජිවත් වන ජෙර්මනියේත් තිබෙන්නේ හවුල් ආණ්ඩුවක් එහෙම වුනත් මෙහෙ රජ්‍ය නෛකව තමන් යටතේ ඉන්න අනික්පක්ශේ ඇමතිවරු ඔවුන් යටතේ ඉන්න නිලධාරීන් ප්‍රසිධියේ විවේචනය කරන්නේ නැහැ , ඔය ප්‍රකාශ වලින් පෙනෙන්නේ ඔබතුමාගේ නොහැකියාව.
ඇත්තනේ කතාව. දුවට පරාක්‍රම සමූද්‍රයේ වැව්තාවුල්ල දුන්නහම ඉඩම් ප්‍රතිපත්ති ගැන මිනිස්සු පැහැදීමක් නැහැ තමයි.
ජනාධිපතිතුමනි වසර 3 කට පසුවද ඕක කියන්නේ? මෙච්චර කාලයක් මොනවද කළේ.? ගත්ත දීමනා වරප්‍රසාදවලට ගිය වියදම ආපසු ජනතාවට දෙන්න.
අනේ මහත්තයෝ, හැමදාම ජනතාවට විහිළු සපයන්නේ නැතුව ඉන්නවද? පිරිහිච්ච රට ගොඩ ගන්නවා කියල නේද ඡන්දයෙන් දිනුවේ? හැමදාම නොහැකියාව කියව කියවා ඉන්නේ නැතුව වැඩ කළොත් නේද හොඳ? ගිය සතියේ කිව්වා රාජ්‍ය ආයතන වල සම්බන්ධීකරණයක් නැහැ කියලා, අද කියනවා ආයතන ගැන පැහැදීමක් නැහැ කියලා. ඔය වගේ කතා අහල ජනතාවට දැන් ඇති වෙලා. ඔබතුමාගේ ධුර කාලය අවසන් වෙනකල් ජනතාව බලාගෙන ඉන්නවද කියලත් හිතෙනවා.
හොඳයි, ජනතාවගේ පැහැදීම ඇත්තේ කෙරෙන, මොන කාරණා ගැනද කියලත් කිව්වා නම්...
අපිට නම් කිසිම පැහැදීමක් නැහැ ඔබතුමා ගැන....
ජනතාවට නං ආණ්ඩුව ගැන පැහැදීමක් නෑ..
ඔබතුමා අර දුන්නැයි කියපු වැඩයි, මිහින් ලංකා එකයි, ශ්‍රීලන්කන් එකයි ඇරුණාම කොමිසමට මොකද වුණේ?
බිම්සවිය කියල එකක් දාගෙන ඉඩම් නිරවුල් කිරීමට. ජනාධිපතිතුමනි, එ්ක කරන්නේ නිරවුල් ඉඩම් අවුල් කරන එක. කරුණාකර ඒ ගැන සොයාබලන්න.
දැන් කතාවනවත්ත්වලා රටේ නීතිය ඉස්සරට හා අදට බලපාන ලෙස අකුරට ක්‍රියාත්ත්මක කරන්න.
ඒ විතරක් නෙමේ ඔබ ගැනත් ජනතාවගේ පැහැදීමක් නැහැ නේද?