(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දී ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
එහි ඇති කරුණු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැති නිසා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන්කළේය.
ඔහු මේ බව පැවසුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම කටවරද්ද ගන්න එපා. තව අවුරුදු දෙකක්ම පින් ඇමතිකමේ ජොලිය එන්ජෝයි කරන්න හැකියි.
වාසියට මේ ගොල්ලෝ පාවා නොදෙන කෙනෙක් නැත. බලමු කව්ද රනිල් එලවා දමන්න අකමැති කියලා...
කෙලින් කියන්නකෝ... අපි රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙනවා කියලා...
ඔය කිව්වට අන්තිම මොහොතේ කියයි, පක්ෂයේ තීරණ වලට විරුද්ධව යන්න බැරි නිසා, විශ්වාස බංගයට විරුද්ධව වෙන්න වුනයි කියලා...
එතකොට මහින්ද දිනවන්න වැඩකරලා පරාද වුණාට පස්සේ බැණලා තනතුරු ගන්න ආණ්ඩුවට හේත්තු වුණා. ඒක පහත් වැඩක් කියලා හිතුණේ නැද්ද?
මෙයා මෙහෙම කිව්වාට මේගොල්ලන්ගේම කෙනෙකු ස්ථිරවම කියන්නේ හය දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම දෙන බව.
මේ අය කතාකරන්නේ කටින් නෙමෙයි..
මෙයා එජාපය එක කාලා පස්සේ එස්.එල්.එෆ්. එකට පැන්නේ ලොකු වාසියකට.. පාපතර 18ට අත උස්සපු අයෙක් එනවා බණ කියන්න. ජනතාව මේ ගැන සෙවිය යුතුයි.