නිමල කොඩිතුවක්කු
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඞ නගන ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට රජය ගත් තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (28) පැවසීය.
වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති , වාමාංශික පක්ෂ සමඟ එක්ව මෙම තීරණය පරාජය කරන බවද ඔහු කීවේය.
බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ගැන අබමල් රේණුවක අවබෝධයක් නෑ
පෙරටුගාමීන්ගේ ලොක්කාට මොළේ කලඳක්වත් තිබුණා නම් මෙවැනි බහුභූත කතා කියන එකක් නැහැ ! "වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති, වාමාංශික පක්ෂ සමඟ එක්ව මෙම තීරණය පරාජය" කරන්න දිවයිනේ හතර දිග් භාගයෙන් බස් පුරෝගෙන අසරණ වැඩ කරන ජනතාව ගාලු මුවදොර පිටියට දක්කන් ඇවිල්ල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරන්න මේ ලොක්කා කැස කවනවා වගෙයි.....
කම්කරු දිනය මැයි 1 දිනටම පැවැත්විය යුතුය කියල නියමයක් නැහැ. බොහෝ රටවල මෙය මැයි මාසයේ දිනයක පවත්වනවා සති අන්තයකුත් එක්ක. එතකොට වැඩකරන අයට දින තුනක නිවාඩුවක් ලැබෙනවා.
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්? මැයි 1 දාට ඔය ඔක්කොම එකතුවෙලා කරන්නේ ඔය කියන අයිතිවාසිකම් රැකීමද, නැත්නම් දේශපාලුවන්ගේ වරප්‍රසාද රැක ගැනීමට වැඩ කරන ජනතාව ගොනාට ඇන්දවීමද?
මුන්ට ආගමක් ජාතියක් නැති කට්ටියනේ
වැඩකරන ජනතාව වෙනුවෙන් මොනව කරලද ඔය කෑගහන්නෙ? 1 වනදා ඒක පැවැත්වුවෙ නෑ කියල මොකද්ද වැඩකරන ජනතාවට වෙන අවාසිය? 01 වනදා පැවැත්වුවා කියල වැඩකරන ජනතාවට වෙන වාසිය මොකක්ද?
සේනාධීර ගුණතිලක මිතුරාණනි, මෙවන් පවිටු ආගම් විරෝධීන් සිටින තුරු ඔබ පක්ෂයට රටේ හෝ ඔබගේ ගමවන ගෝනගල පුර ඉඳුරුවේ නිසි තැන නොලැබෙනු ඇත. එමනිසා පවිටු අධමයින් ඉවත්කර ඔබයන මග එලි පෙහෙළි කර ගන්නාමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
වෙසක් පොහොයට වඩා ලොකුයි මුන්ට පෙළපාලි යන එක..
ඔය ඔක්කොමල ගිහින් කම්කරු දිනයේ සිල් සමාදම් උනානම් හොදයි නේද .
පෙරටගමීන් මිනිසුන්ව ගොන්නුන්ට අන්දවනවා, කියනදේවල් අහන්නේ කවුද.?
අද ලෝකයේ වැඩිපුර කම්කරු වහල් සේවයක් තියෙන්නේ මැදපෙරදිග. එහෙ මැයි පළවෙනිදා කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැ, එදාටත් වැඩ. ලංකාවේ වගේ පාරවල් වල බෙරිහන් දෙන්න ගත්තොත් ඉතින් හිරේ තමයි.
අනේ නිකම් යන්න මහත්තයෝ. මැයි දිනය කියන්නේ කම්කරු දිනය වෙන්න ඇති ඒත් ලංකාවේ එහෙම නැහැ. අපේ රටේ මැයි දිනයේදී සිදු වෙන්නේ තම තමන්ගේ දේශපාලන ශක්තිය පෙන්වන්න අහිංසක කම්කරුවන් පාරට බස්සලා පුහු ඝෝසා කරන එක විතරයි. කම්කරුවන්ගේ ඉල්ලීම් ගැන වචනයක්වත් කියනවද? නැහැනේ. ඉතින් ඔය මැයි දිනය ජුනි මාසේ තිබ්බත් මොකද?
කම්කරුවන් ඉපදුන දිනයට කලින් බුදු හාමුදුරුවෝ මෙලොවට පැමිණියේ සහ එම දිනට සටන් පාට කියනවට වැඩ හොදා නේද පින් අතේ දෙයක් කරානම් තේරුමක් නැති එක දෙයක් කෙරෙහි එල්බගෙන ඉන්න කට්ටිය තමයි මෙයට විරුද්ධ වෙන්නේ