ලන්ඩන්හිදීය (රොයිටර්)
බ්‍රිතාන්‍ය ආරක්ෂා කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බව සතුරන්ට අනතුරු අඟවමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ප්‍රකාශ කර ඇත.
ජාතික ආරක්ෂක සමාලෝචනය අවස්ථාවට එක්වෙමින් අගමැතිනිය එම අදහස් ප්‍රකාශ කළාය. එහිදි නව,නූතන ලෝකයේ තර්ජන යන මාතෘකාව යටතේ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය ඒ බව ප්‍රකාශ කර තිබේ.
“බ්‍රිතාන්‍යයට ප්‍රහාර එල්ල කිරීමට සිටින පිරිස්වලට අපි අනතුරු අඟවනවා. අප සතුරන් පරාජය කිරීම කළ හැකි සියල්ල කරනවා” යැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ සිටි රුසියානු කේ.ජී.බී ඔත්තු සේවයේ හිටපු නිලධාරියකු වන සර්ගේ ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට වස දුන්නේ රුසියාව යැයි බ්‍රිතාන්‍ය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් චෝදනා කරයි.
බ්‍රිතාන්‍යයට ඉදිරි වසර දෙකේදී ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මෙන්ම සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ද තිබෙන බව වාර්ෂික ජාතික සමලෝචන වාර්තාවේ දක්වා තිබේ.
මෙම තර්ජනවලට මුහුණ දීමට නම් බ්‍රිතාන්‍ය මෘදු බලය සහ සන්නිවේදන සම්පත් භාවිත කළ යුතු යැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
අයි.එස් සංවිධානයෙන් මෙන්ම රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවලින් ද බ්‍රිතාන්‍යයට දැඩි තර්ජනයක් තිබෙන එම වාර්තාව තවදුරටත් පෙන්වා දී තිබේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එහෙම කලොත් තමයි හැමෝටම අමාරු.,.
පුදුම වැඩක්නේ මේක.... අපේ විරෝධාර හමුදාව මෙලෙච්ච ත්රස්තයන් එක්ක සටන් කරාම මේ අය එතකොට කියන්නේ මිනිස් අයිති වාසිකම් උල්ලගනය කරනවා කියලා.... දැන් එතකොට මේ අය උල්ලංගනය කරන්නේ අගහරු ලෝකේ ඉන්න හදයෝන්ගේ අයිති වාසිකම් වෙන්න ඇති?
හහ්.. හහ්.. හැබැයි කිසිදු ත්‍රස්තවාදියෙක්ව මරන්නත් බැහැ. සිවිල් ජනතාව බේරගන්න ත්රස්තවාදීන්ට හිංසා කරන්න කොහෙත්ම බැහැ. ඇයි අපේ රටවල රාජ්‍ය නායකයෝ මේවා අහන්නේ නැත්තේ ඇයි අපේ නායකයෝ මේ තරම් නිවට.
අසංක, රවින්ද්‍ර, මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මේ වගේ අය මෙවැනි ප්‍රකාශ කරන කොට අපේ නායකයෝ දැනගන්න ඕනි අපේ තිබුණු යුද්දෙත් මේ විදියෙම තත්වයක් කියල හොඳට ගලපලා මේ අපිට විතරක් නෙමෙයි ලෝකයට දැනෙන විදියට නිතර නිතර හඬ නගලා ඉදිරිපත් කරන්න. කොහෙද ඉතින් අපේ කරුමෙට මොවුන් කරන්නේ කියන්නේ වෙන බහු භූත.
එයාලට හොදයි අපිට හොද නැ.