(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත.
යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි කොනේස්වරන් ගාරුසන් නැමති මෙම සිසුවා පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා ජිවිතක්ෂයට පත්වුයේ යතුරුපැදි අනතුරකින් බව කොඩිකාමම් පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුයි මේ දරුවාගේ දෙමුපියෝ මොන තරම් ගින්දරක් උහුලනවා ඇද්ද??
හරිම සංවේදීයි. අතිදක්ෂ දරුවෙක් ජාතියට අහිමි වුණා.
දරුවෝ නුඹට දෙවියොත් සොබාදහමත් එරෙහි උනා නේද? නුඹට නැවත උපදින සැම ආත්මයකම විද්වතෙක් වෙන්න කියල මම ප්රර්ත්හනා කරනවා.
මහනුවර සුජාත හිමිට අපගේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙම දරුවා කුමන ජාතියකට අයත් උවත්, "අතිදක්ෂ දරුවෙක් ජාතියට අහිමි වුණා." යන උන්වහන්සේගේ ප්‍රකාශය; ජාතිවාදය වපුරන උතුරේ හා දකුණේ අන්තවාදීන්ට ඉතා විශිෂ්ට ආදර්ශයකි.
කණගාටුදායක වුවත් මෙවන් සිද්ධීන් කෙතරම් නම් සිද්ධ වෙනවාද? පුවත්පතක පුවතක් වන්නේ එහෙමත් එකක් තමයි. පෞද්ගලිකව මගේ මිතුරකු මුහුදේ ගිලී මියගිය අතර, උසස් පෙල ප්‍රතිඵල පැමිණිකළ ඒ සාමර්ථ 3කි. ජීවිතයේ අසීරු කඩඉම් පසුකර, ජීවිතයෙන් සමුගන්නට සිදුවීම ඉතාමත් කණගාටුදායකයි. එවන් ජීවිතයක් අප දේශපාලකයකිගේ ජීවිතයකට හුවමාරු කරගන්නට හැකියාවක් තිබුණේ නම්...
මේ තමයි අපේ දේශීය සම්පත්... නිකරුනේ විනාශ වෙලා යනවා.
මේ දරුවාගේ දෙමාපියන්, නෑදෑයින්, හිත මිතුරන් කොයි තරම් ගින්දරකද දැන් ඇත්තේ... කොපමණ බලාපොරොත්තු තියෙන්න ඇතිද? සියල්ලම අවිනිශ්චිතයි, අස්ථිරයි කියන බුදුවදන සිහිවෙනවා. මේ දරුවා ඇදහූ ආගමේ හැටියට ඔහුට විමුක්තිය අත් වේවා! අන් අයට මෙම දුක් ගින්දර නිවා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා!