සුජිත් හේවාජුලිගේ
තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනි දාට පෙර බාර දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් දැනට වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී ඇත්තේ කිහිප දෙනකු පමණක් යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්කම් බැරකම් නීතිය අනුව සියලුම ඇමැතිවරුන් ජනාධිපති ලේකම්වරයාටත් සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් වත්කම්- බැරකම් ප්‍රකාශ බාරදීම කළ යුතු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ තුන් වෙලත් අපෙන් එකතුකර ගන්න බදු මුදල්වලින් ගිල දමන මේ අහිංසකයොන්ට කොහෙන්ද වත්කම්? අනික මේ මිනිස්සු 225 දෙනාම මොන තරම් වෙහෙස මහන්සි වෙනවද අපේ දියුණුව වෙනුවෙන්.
වත්කම් ප්රකාස නොදුන්නේ මේ අයට පාර්ලිමේන්තුවට එනවිට කිසිදු වත්කමක් නැතිනිසා වෙන්නැති.පර්ලිමෙන්තුකලය අවසන් කාලය වනවිට මේ අයගේ වත්කම් සොයා බලන්න.අපේ දිස්ත්රික්කයෙන් ආ අයගේ වත්කම් මෙහෙ අය දන්නවා.