(චමිල් රූපසිංහ)
මහනුවර හන්තානේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාල මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් අතුළු වී එහි තිබූ ගොඩනැගිලි විනාශ කර බිමට සමතලා කර දින 16 ක් ගතවුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමටවත් පොලීසිය අපොහොසත්වී ඇතැයි උඩරට අමරපුර මහ නිකායේ භික්ෂූන් වහන්සේලා චෝදනා කරති.
උඩරට අමරපුර නිකායේ මහානායක නුවරඑලියේ චන්ද්‍රජෝති නාහිමි ඇතුළු මහ සංඝරත්නය අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට එහි ගිය අතර එහිදී මහනාහිමි ප්රමුඛ මහ සංඝරත්නය අදළා චෝදනාව මහනුවර පොලීසිය වෙත එල්ල කළහ.
සංවිධානාත්මක පිරිසක් ඉකුත් 14 වැනිදා මහ දවල් මෙම ස්ථානයට ඇතුළුවී එහි තිබූ ගොඩනැගිලි තුනක් කඩා බිඳ දමා ඇති අතර එහි තිබූ විශාල බුද්ධ ප්‍රතිමාවක් ද රැගෙන ගොස් තිබෙන බවටද උන්වහන්සේලා චෝදනා කරති.
මහනාහිමි ප්රමුඛ මස සංඝරත්නය අදාළ ස්ථානය නිරීක්ෂණය කරමින් සිටියදී මහනුවර පොලීසියේ කණ්ඩායමක් එහි පැමිණි අතර එහිදි උඩරට අමරපුර මහ නිකායේ මහ නාහිමියෝ පොලිස් නිලධාරින්ගෙන් විමසා සිටියේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු ඇමතුමක් මත පොලීසිය මෙහි පැමිණයත් භාවනා මධ්‍යස්ථාන ගොඩනැගිලි කඩා බිඳ දමන අවස්ථාවේ ක්‍රියාත්මක නොවූ පොලීසිය මෙම අවස්ථාවේ ක්ෂණිකය ක්‍රියාත්මක වීම තුළින් පෙනී යන්නේ වරද කරුවන් රැකීමක් යැයිද උන්වහන්සේලා පැවසුහ.
දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයින්ට ධර්මය හැදැරීම පිණිස හා භාවනානුයෝගී වත් පිළිවෙත් ප්‍රගුණ කරලීම අරමුණු කර ගනිමින් මෙම සිද්ධස්ථානය ත්‍රෛනිකායික මහ සංරත්නයේ සහභාගීත්වයෙන් 2008 වසරේදී ස්ථාපනය කර තිබේ.මේ සඳහා පර්චස් 80 ක බිම් කොටසක් වෙන් කර දෙනු ලැබ ඇත්තේ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය හෙබවු ෆේරියල් අස්රොෆ් මහත්මිය විසිනි.
මෙම ස්ථානයේ අයිතිය සම්බන්ධ ප්‍රශ්න ඇත්නම් ඒවා නිරාකරණය කරගත යුත්තේ අධිකරණ ක්‍රියාවලියක් තුළින් බවත් මෙලෙස නීතිය අතට ගනිමින් හිතුමතේ වැඩ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් උඩරට අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය නුවරඑලියේ චන්ද්‍රජෝති නාහිමියෝ ප්‍රකාශ කළහ.
මෙම ස්ථානය ගොඩ නැගීම සඳහා මහත් වෙහෙසක් ගත් පොල්ගොල්ල ශ්‍රී සාලවනාරාමාධිපති, මධ්‍යම හා වයඹ දෙපළාත් අධිකරණ සංඝ නායක යටිරාවන සීලානන්ද හිමියන්ට වර්තමානයේදී මරණ තර්ජන පවා එල්ල වෙමින් තිබෙන බවත් මේ සම්බන්ධව පොලීසිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න පිළිබඳව තමන් වහන්සේ පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ කීහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධයින්ට පාර්ට් දාන පොලිසියක් ...
අනේ අපේ මුල් හාදයයි, සූත්තර පුංචයි මේ ප්‍රවෘත්තිය දැක්කත් නොදැක්කා වගේ ඉන්න ඇති නේද?
පුස්තකාලය බිමට සමතලා කරලා ගුබ්බෑයමක් හදන්න යනවද දන්නේ නැහැ... මේ වගේ අපරාද කරන අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි.
යහපාලන ආණ්ඩුව අාවට පස්සේ සිංහලකමට සහ බෞද්ධකමට එරෙහිව සිදුවීම් පමණයි වෙන්නේ...
බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක්...
බෞද්ධ පුස්තකාලයක් කිව්වට කාලයකින් පරිහරණය නොවූ බවක් දිස්වේ. මේ ජනශුන්‍ය කැලෑවක බෞද්ධ පුස්තකාලයක් කිව්වට ඉඩමක් රජයෙන් දුන් පලියට ආගමික ස්ථානයක් නාමයෙන් තවත් ජාතිවාදී ගැටුමකට පොටක්ද? මහදවල් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද මෙවැනි තැනක? මේ කලබලයක් යන්තම් නිවුනා පමණි. මෙය කල පුද්ගලයින් දන්නා අය එමට ඇති... එහෙත් මේ පුවතින් සැකය වෙනත් පාර්ශවයන් වෙත එල්ල වෙයි..
විලිලැජ්ජයි.. රුපියලත් ඉවරයි.
පරිහරණය වුණාද කියන එක කාගෙවත් ප්‍රශ්නයක් නොවෙයි. බෞද්ධයාට අයිති දෙයක් විනාශ කිරීම බෞද්ධයින් ඉවසා සිටිය යුතු නැත. හාමුදුරුවනේ බෞද්ධ රටේ බෞද්ධයාට ඉඩම් වෙන්කරන්නේ මුස්ලිම් ජාතිකයින්. එ්ක අනුමත කරන බෞද්ධයෝත් ඉන්නවා.
සිංහලයෝ තමයි, සිංහලයින්ව විනාශ මුඛයට ගෙනියන්නේ. මුලින්ම තමන්ගේ ආගමට, පන්සලට ගෞරව කරන්න දැනගන්න ඕනෑ. නිදන් පුරාවස්තු ගන්න තාමත් කොච්චර නම් දාගැබ් පන්සල් කඩනවද? ඒ වෙනුවන් ඉදිරිපත් වෙන්න කෙනෙක් නැහැ. අද වෙනකොට මත් වතුර බොන්නැති කෙනෙක් බෙහෙතකටවත් හොයා ගන්න බැහැ. ලෝකයම හිනස්සනවා.
මෙතැනට මොනම දේශපාලනයක් වත් අවශ්‍ය නැහැ. සිංහලෙන් කියනවා නම්, බුද්ධ ශාසන ඇමැති සහ ජනාධිපති අගමැති පොලිස් ඇමති සහ පොලීසිය යන සියල්ලෝම තද නින්දේ. ජනාධිපතිගේ කඩුව කෝ? කයිවාරු නවත්වලා වහාම මේ ගැන නිසි පියවර ගන්න. පොලිස් සුනඛයින් යොදවන්න. තවත් මහා විනාශයක් වේවි!! ප්‍රමාද වුනොත්.
පේනවනේ යම්තම් පොඩ්ඩක් අන්‍ය ජාතිකයෙක්, ආගමිකයෙක් ගෑවිලා තිබුණානම් ජීවිත කීයක් නැතිවෙන්න , මොනතරම් විනාශයක් ව්නාශයක් වේවිද , මිනිසුන් මොනතරම් ද්වේෂ සහගතවෙලා අකුශල් රැස්කරගනීවිද..? නමුත් මේ අපේ බෞද්ධ කියාගන්නා අයගේ වැඩ. ඒ නිසයි කිසිම ක්‍රියාමාර්ගයක් නැත්තේ. නීතිය ක්‍රියාත්මකවෙලා කරපු අය අහුවුනොත් බලා ගන්න පුලුවන් කරපු අයගේ සත්ගුණවත් භාවය.
බුද්ධාගම රැකුනොත් අනෙක් ආගමුත් රැකේවී. රටත් රැකේවී.
මෙතන සත්‍ය තත්වය පැහැදිලි නැති බැවින් අදහසක් ප්‍රකාශ කල නොහැක. එසේ වුවද බෞද්ධ වු පලියට අනවශ්‍ය තැන්වල ඉදිකිරිම් අනවශ්‍යයි. උදාහරන ලෙස මංසන්දිවල බුදු පිලීම තැබීම පාරවල් අවුරන ලෙස බෝගස් සිටුවීම දැකිවිය හැක.
වග කිව යුත්තෝ කිසිත් නොකර නොදන්නා ලෙස කල් ගෙවයි. අහිංසකයින් ඒවාට වන්දි ගෙවයි.සිංහල බෞද්ධයාට අද තැනක් නැත.සුළු ජාතින් කියා ඒ අය අනුකම්පාව දිනා ඇත.කවුරු වරදක් කලත් එයට දඬුවම් දිය යුතුය.එවන් වැරදි නොවීමට රජය වග බලා ගත යුතුය.බොරුවට හඬ නගා වැඩකට නැත.මේවාට උල් පන්දම් වගේම බොරු කියමින් කුමන්ත්‍රණ කරන රාජිතලා වගේ අයගෙන් වන හානියට පියවර ගත යුතුය,රටේ සියලුම ස්ථාන (ආගමික ස්ථාන,පුරා විද්‍යාත්මික ඇතුළු)ආරක්ෂා කල යුතුය.එය සුළු ජාතීන්ට පමණක් නොව මහා ජාතියටද ලැබිය යුතුය.හැම කෙනෙක්ම එකිනෙකාට ගරු කල යුතුය.
දැන් හැමදේම පෙන්නේ ජාතිවාදී කෝණයකින්. මෙය අන්සතු ඉඩමක සිදුකරපු අනවසර ඉදිකිරීමක්. බෞද්ධ වුන පලියට, හිමිවරුන් වුනපලියට අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලගන්න ඒවායේ පන්සල්ගොඩනගන්න බැරිබව වටහාගතයුතුයි.
හා හා කට හොල්ලන්න එපා. සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි.
දෙමළ, මුස්ලිම් අයට සලකන්න එපෑයෑ බන් හිටන්. ඒ අයගේ ඡන්ද වලින්නේ මන් ජනාධිපති වුනේ හිටන්...
අඥාන බෞද්ධයින් ටිකක් එකතු වෙලා විහින් වැනසිලා මේ උතුම් සම්බුද්ධ ශාසනයටත් විශාල අගෞරවයකුයි මේ සිදු කරන්නේ. ආගන දහම විකුණාගෙන කන පිංගුත්තරයෝ. මොවුන්ට ධර්මය විසින්ම නිසි දඬුවම ලබා දෙයි මතු දිනෙක...
පොත් පත් නැති බෞද්ධ පුස්තකාලය? ලෝකෙටම එකයි?