තරිඳු ජයවර්ධන
මාතර රාහුල විද්‍යාලයයේ විදුහල්පතිට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායමක් යවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
විදුහලේ පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුර සෙනසුරාදා (04) විදුහල්පතිවරයා පහර කෑමකට ලක්වී ඇත.
මෙම විදුහල්පතිවරයා වෙනත් පාසලට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති ලෙස සිටිය දී චෝදනාවට ලක්වූ බවත් මෙම පහරදීම හා එම සිදුවීම් ගැන මෙන්ම මෙම සිද්ධිය ඇතිවූ ආකාරය ගැන ද සොයා බලන බවත් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම විදුහල්පති කෙනෙකුටම හෙල්මට් එක බැගින් ලබාදීම සුදුසුයි!