(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී හෙට (02) පස්වරු 3ට කැඳවා ඇත.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇත.
දිවයිනෙන් පිටව සිටි ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද හෙට පැවැත්වෙන මන්ත්‍රී මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිවරයා මුල්කරගෙන රජයට ගෙනෙන ලද විශ්වාස භංගය නියත වශයෙන්ම පරදින බව විශ්වාස භංගය ගෙන ආ පිරිසට මේ වනවිට හොදින්ම අවබෝධ වී තිබේ. අප්‍රේල් 4 වෙනිදායින් පසුව එක්සත් ජාතික පක්ෂය නව දේසපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතුව ඇත. පක්ෂ නායකවරයාට විරුද්දව ක්‍රියාකරන කණ්ඩායමට විශේෂයෙන්ම පක්ෂයේ ප්රචාරක කටයුතු පැවරිය යුතුය. නමුත් එක අවවාදයක් ඔවුන්ට දිය යුතුය. පක්ෂයේ ඉදිරි ප්රචාරක කටයුතු වලදී ඔවුන්ගෙන් පක්ෂය බලාපොරොතු වන්නේ පක්ෂය දිනවීමට වැඩකරනවා මිස එකෙක් අයගේ යටි අරමුණු ක්‍රියාත්මක කිරීම නොවනබවට උපදෙස් දියයුතුය.
ශ්‍රී ලංකා දේශපාලනයේ ගාම්භීර වෘද්ධ පක්ෂයක් ලෙස නම්දරා සිටි එක්සත් ජාතික පක්ෂය අදවනවිට බොහෝදෙනාගේ පිළිකුලට පත්ව ඇත්තේ කුමක් නිසාද? එහි වත්මන් නායකත්වය පොදුජනයා අතර අවමානයට ලක්කිරීම සඳහා අසාමාන්‍ය වෙහෙසක් ගන්නා හිතමිතුරන් ලෙස පෙනීසිටින්නන්, මාධ්‍ය අයිති කරුවන්, අනෙකුත් දේශපාලඥයින් සහ පංගුකාරන් කවුරුන්ද කියා දැන දැනත් පක්ෂයේ වගකිව යුත්තන් ඒගැන වගක් නැතුව ඇස්කන් පියා සිටීම මේ සෝදාපාලුවට මුලික හේතුව වී ඇත.
අඩු පිරිස එන කට්ටියගෙන් සම්පුර්ණ කර එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවන්න. ප්‍රතිපත්ති දෙකක් එක් කල නොහැකි බව පසුගිය වසර තුන තුලදී පැහැදිලි වුනා. ඉතිහාසයේ කිසිම දවසක එක්සත් ජාතික පක්ෂය මෙතරම් දරුණු ලෙස පහතට වැටුනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ විරෝධතා සහ බලපෑම් හමුවේ ඒවා අකුලා ගැනීමට සිදුවූ නිසයි. සමුර්ධිය වැඩි කිරීමට වැඩිහිටි දීමනාව ගෙවීමට බාධා ඇති වූ බව අපි දුටුවා. පොහොර වෙනුවට මුදල් දීමට යාම රජය ගොවීන්ගෙන් ඇත් කිරීමට බරපතල හේතුවක් වුනා.එම වැරදි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කරන ලද මුත් වගකීම පැවරුනේ එක්සත් ජාතික පක්ෂයට සහ අගමැතිතුමාටයි..
පක්ෂයේ සිංහල චන්ද 50% නැති කරපු එකාව ගෙදර යවන්නේ නැද්ද ?
අපි රටක් ලෙස, ජාතියක් ලෙස 'අසමත්'. ඒකයි අවුරුදු 443ක් යටත් විජිතයක්ව පැවතුනේ. නිදහස ලබා අවුරුදු 70 කට පස්සෙත්, පස්ස බිම ඇනගෙන ඉන්නේ.
මේ පක්ෂය ජාතිවලට යට වුනේ ගිය අවුරුදු විස්සේ..
කොහොම හරි කකුලෙන් අදින කට්ටිය ඉවත් වුනොත් ඇති...
රනිල්ගේ පක්ෂයේ ඇති ප්රජාතන්ත්රවාදය කුමක්ද? රට වලපල්ලට යවා බටහිර රටවල් ඉදිරියේ දෙකට නැමී පාවා දීමද? මොවුන් දේශපාලකයින් මිස අන් කවුරුද? මේ ජඩ පාලකයින්ගේ වෛරය මුසු නොහැකියාව ජනතාව දන්නවා.