(පුෂ්පකුමාර ජයරත්න)
රෝහලකට ඇතුළත් කිරිමෙන් පසුව මියයන පුද්ගලයකු සම්බන්ධයෙන් රෝහලකදී අංශ කිපයකින් ඉටුවිය යුතු සියලුම නීතිමය ක්‍රියාදාමයන් ඒකරාශි කර පහසුවෙන් ඉටුකරදිය හැකි නවතම පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරිමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරුයකු සමත් වී තිබේ.
සෞඛ්‍ය සේවයට සම්බන්ධව වෛද්‍යවරයකු මෙවැනි පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.
සහකාර අධිකරණ වෛද්‍ය එන්.ඒ.සී.චමින්ද මහතා මෙම මෘදුකාංගයේ නිර්මාණකරු වේ. මේ වනවිට මෙම මෘදුකාංගයේ සැකැස්ම පරික්ෂාවට ලක් කෙරෙමින් පවතී.
අධිකරණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු හතරේම කටයුතු සම්බන්ධීකරණය කිරිම මෙම මෘදුකාංගය මගින් සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ වැඩක්...
ඉතා හොඳ වැඩක්. දිවයිනේ සියළු රෝහල් වෙත මෙම පහසුකම ලබා දෙන්න...
ඥාතීන්ට සහනයක්, මෙවැනි අවස්ථාවක ඥාතීන්ට හට ඉතා පහසුවෙන් ඉදිරි කටයුතු කිරිමෙහිලා මහත් සහනයක් හා පසුවක් වීමේන් මෙම සොයා ගැනීමට මාහේ හෘද්‍යාංගම ස්තුතිය පුද කරන අතර තව තවත් මෙවැනි වැඩදායි නිර්මාණය කිරිමට ශක්තිය හා ධෛර්යය ලැබේවා........