අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවකදී විදුහල්පතිවරියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නිර්දේශ වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම විදෙස් සංචාරයකට යොමු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මෙම නිලධාරියා ඇතුළු නිලධාරීන් අට දෙනකුට එරෙහිව විනය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළේය.
එහෙත් ලංකා ගුරු සංගමය චෝදනා කළේ අමාත්‍යංශය විනය පියවර ගෙන ඇත්තේ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් පමණක් බවයි. චෝදනාවට ලක්වූ ඉහළ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය විසින්ම ආරක්ෂා කරනු ලබන බවත්, ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයාට විදෙස් පාඨමාලාවකට යෑමට අමාත්‍යංශය අවස්ථාව ලබා දී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මිය ගිය විදුහල්පතිවරියගේ මරණ සහතිකය පවා මෙතෙක් ලබා දී නැතැයි කී ස්ටාලින් මහතා විදුහල්පතිවරිය වෙනුවෙන් වන්දි මුදලක්වත් ලබා දී නැතැයි සඳහන් කළේය.
ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයාට ජපානයට යෑමට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලේ හොරාගේ අම්මා ගෙන් තමයි පේන අහන්න ඕනේ.
රට සංචාරය පෙර අනුමත වූ දෙයක් වෙන්න ඇති. දන්නේ නැතිව ගරහන්න එපා.
ස්ත්‍රී දුෂණ, කුඩු විකිණීම්, මැර වැඩ කරන අයට මිනිස්සු චන්දෙ දීල මහජන නියෝජිතයන් කරන රටක මේකත් පුදුමයක්ද?
මේ යහපලයේ අතිසුවිශේෂ ගති ලක්ෂණ තමයි. ඔහොම යමුකෝ තව ටික කාලයයිනෙ තියෙන්නේ?
අධ්‍යාපන ඇමතිතුමනි වහාම ක්‍රියාත්මකවී මේ දුෂිත නිලධාරීන්ගේ අකටයුතු කම් නතර කරන්න. මේවා විරුද්ධ වාදීන්ගේ කුමන්ත්රනවල ප්‍රතිපල. නැවත නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.
මේ රට අරාජිකයි. මේ අසාධාරණ වලට පිළියම් යොදන්න කෙනෙක් මේ රටේ නැහැ. කාලකන්නි ජනතාවක් ඉන්න සුන්දර රටක්.
අනේ මොකුත් නොදන්නා මේ අහිංසකයා මොනවා කරන්නද? ඔන්න ඔහේ ගියදෙන්... යහපාලනයට හොඳ නැහැනේ.