චමිල් රූපසිංහ
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අධියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ජීප් රථ දෙකක තිබී ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක් හා කුරුඳු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලිසිවල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් සොයා ගනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව කියමින් අදාළ විරෝධතා පාගමන අද (31) පෙරවරුවේ ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ විය. එම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු 100ක් පමණ සහභාගී වී සිටියහ.
පාගමනට සම්බන්ධවූ පිරිස් පැමිණි බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඊරියගම ප්‍රදේශයේ නවතා තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහි තිබී අඩි 04 ක පමණ දිගින් යුත් කුරුඳු පොලු 98 ක් පොලීසිය සොයා ගෙන ඇත. එම කුරුඳු පොලු කුමක් සඳහා රුගෙන ආවේද යන්න පිළිබඳව රියදුරුට පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වීම නිසා පේරාදෙණිය පොලීසිය මගින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජීප් රථය මෛත්‍රී ගුණරත්න මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබෙන බව පොලීසිය පවසයි.
කොඩි කණු ලෙස භාවිත කරන්නට මෙම කුරුඳු පොලු ලෙස රුගෙන ආ බව ඔවුන් සදහන් කළ අතර ඒවායේ රුඳවීමට සිටින බව කියන කොඩි පෙන්වීමට ඔවුන්ට නොහැකිවූ බව පොලිසිය කියයි.
මේ අතර පාගමන සමඟ යමින් තිබූ තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් තිබී ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 10 ක් පොලීසිය සොයා ගෙන ඇත. එම ගිනි අවි සඳහා බලපත්‍ර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.
අදාළ ගිනි අවි බලපත්‍ර පොලීසියට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය නේද කලින් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් එළවාදමන්න කියා තංගල්ලේ සිට පාගමනක් ගියේ. එදා උන දේ මතක ඇති නිසාද කොහේදෝ මේ වතාවේ වේලාසනින්ම කුරුඳු පොලුවලින් සන්නාහ සන්නද්ධවීමට කටයුතු කරන්නට ඇති. මෙසැරේ මෙහෙයුමට ගියවතාවේ වගේ සෙනඟත් නෑ.
අහෝ! දුකකි.
මොහුට ඇප දීලත් අවසානයි නේද ?
කාගේ දරසෑය හදන්නද දන්නේ නැහැ කුරුඳු පොලු ගෙනාවේ.
ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිපලයක්. කුරුඳු පොලු අරන්ගිහිල්ලා තියෙන්නේ පෙළපාලියට යන කට්ටියට තේ හදල දෙන්න. තුවක්කුව අරන්ගිහිල්ලා තියෙන්නේ ලිප පත්තු කරන්න. හැබැයි මෙයා ජනාධිපති උපදේශකයෙක්ලු.
ඔය කුරුදු පොලු හමුදාවට බැදෙන්න පහුගිය කාලේ නිලියකුත් වලි කෑවා.
මොහු දේශපාලකයෙක්ද මැරයෙක්ද.?
පොහොය දිනයකදී බලපත්‍ර රහිත හෝ සහිත ගිනි අවි, උණ්ඩ සහ පොලු තබා ගනිමින් අනවසර පෙළපාලියක් සංවිධානය කළ පුද්ගලයෙකු මහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. අඩුම ගණනේ ඊලඟ අධිකරණ දිනය දක්වා හෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතුය. මොහුට බල පැවැත්වුනේ ලංකාවේ නීතිය නොවේද ?
හරි වැඩක්නේ මේක, කුරුඳු පොල්ලක් ගෙනියන්න බැරිවිටක. සමහර විටක හදිස්සියේ වැටෙන්න ගියොත් බිම ගහ ගන්න වෙන්න පුළුවන්නේ. දැන් හරියට බල්ලෝ වැඩිවෙලා කන්න පනිනවා ඉවරයක් නැහැ වනල බේරෙන්නවත් පොල්ලක් තියෙන්න එපාය . කුරුදු කපන්න විතරනේ අවසර ගන්න ඕනත් නැත්තේ. ප්‍රවාහනයට නම් මම දන්නේ නැහැ .
දරට ගන්න ගෙනාවේ
ඔය තියෙන්නේ. ඔහොම තමයි දිනන්න හදන්නේ.
පා ගමන අස්සේ වෙන වෙන ගේම් ගහනවා වගේ.
මේ කට්ටිය 'ඉහලින්' එන ඕඩර් වලින් නිකම්ම නිදහස් වෙනවා. පොලිසිය බොරුවට මහන්සි වෙනවා විතරයි.
ඕක මොන අමාත්‍යාංශයේ වාහනයක් ද?
මාතර රිටන් එක දෙන්න ගෙනත් වගේ.?
වෙන පක්ෂයක නායකයා ඉවත්කරන්න කියලා පෙලපාලී යන්නේ ඇයි.?
කොහොමද මෛත්‍රී ගේ අමෛත්‍රී වැඩ. මෙහෙම කට්ටිය තමයි විස්වාස බන්ගේ ගේන්නේ. මේ අයට නිසි දඬුවම් ලැබිය යුතුමයි.
සාමාන්‍ය කෙනෙක් ඔය ගිනි අවි ළඟ තබා ගෙන පෙළපාලි ගියා නම් අඩුම වශයෙන් දවස් 14 ට වත් රිමාන්ඩ් වෙනවා. මෙයාට එහෙම නැත්තේ මොකද කියල අහන්න ඕනේ ප්‍රශ්නයක් තමයි.
අපූරු පොලීසියක්. කොඩි කණු වලට හිටවන්න මේ වගේ ඇද කොටට කැපූ කුරුඳු පොලු යොදා නොගන්නා බව දන්නේ නැතිද ? කොඩිත් නැත. කොඩි කණු වලට හිටවන්න ගෙනියන ලී මේ වගේ වාහන වල ගෙනියන්නේද ? එයට යොදාගන්නේ පරණ වාහන කබලක් නේද ? ගිනි අවි සහ ජීව උණ්ඩ තිබිලා. මේවා පෙළපාලියට ගෙනියන්නේ දමලා ගහන්න නොවන බව පොලීසිය දන්නේ නැතුව ඇති. බලපත්‍ර තිබිලා නැත.
ගිය සතියෙ ඇප දීල එලියට ආපු කෙනා අද තුවක්කුත් එක්ක මහා පාරේ ඒ මදිවට කුරුඳු පොලුත්? නම මෛත්‍රී? ඒ වුනාට හිංසාවේ හොඳ එක.
මෛත්‍රීය සහ ගුණය පෙන්වන්න ඔය වගේ බඩු නැතුව බැහැනේ...
රනිල් එලවන්න. අයෙත් එන්න හදන්නේ මොනවගේ මිනුස්සු ටිකක් ද කියල පේනවා නේද?
නම මෛත්‍රී..හැබැයි වැඩ කොහොමද? .මෙහෙම අයද අගමැති එලවන්න යන්නේ.................
වැඩේ හරියට කරන්න නම් ගෙනෙන්න තිබුනේ දෙකේ දෙකේ පොලු...