අමල් වික්‍රමරත්න
චීනයෙන් 2011 වසරේ දී ගුවන් ගතකර ටියැන්ගොන්ග් 1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද මධ්‍යම රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් ඉහළින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ප්‍රධාන කොටස් ශ්‍රී ලංකාවට කඩා නොවැටෙන බවත් ඒ හේතුවෙන් මෙරට ජනතාවට කිසිදු බියට පත් නොවිය යුතු බවත් ඔහු පැවසීය.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩාවැටෙන ස්ථානය වායු ගෝලීය බලපෑම් වල වෙනස් වීම මත නිවැරදිවම ගණනය කළ නොහැකි බව ඔහු කීවේය.
මෙතෙක් කර ඇති නිවැරදිම ගණනය කිරීම් වලට අනුව එය ලංකාව පසු කර සුළු මොහොතකින් කඩා වැටිය හැකිබව පැවසීය.
(02) හෙට අලුයම 04.55 මැලේසියාවට ආසන්නව උතුරට බරව පැසිෆික් මුහුදු කලාපයට කඩා වැටෙනු ඇතිබව මහාචාර්යවරයා සඳහන් කළේය. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කඩා වැටීම පියවි ඇසට නොපෙනෙන බවත් යම් ලෙසකින් දුරේක්ෂයක් හරහා දැක ගැනීමේ හැකියාවක් පවතිනු ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කි.මී. 125 ක් ඉහළින් තමයි මේක ස්ථානගත කරලා තියෙන්නේ..
අනේ මහාචාර්ය තුමෝ ලංකාවට වැටුනේ නැති වුනත් කමක් නැහැ. කොහොම හරි ඔය සුන්බුන් ටික අර දියවන්නා ඔයේ තියෙන ප්‍රසිද්ධ මඩුව උඩට වට්ටන්න.. ඔබට ජාති ජාතිත් පිං අයිතිවෙනවා ආයිබෝවන් එහෙම කළොත්... මොකද එතන ඉන්න "අම්බරුවෝ රෑනම රට කාබාසිනියා කරනවා" හැර රටට දියුණුවක් නොකරන අය...
මේක අර අපේ චිච්චි පුතා උඩ යවපු එක නෙවෙයි නේද? ලංකාව ඔච්චර ළඟින් දකුණු පළාතට ළඟිනුත් යන නිසා ඇරපු කෙනා බලාගෙනම ගිහින් කඩා වැටෙනවද කියල හිතුණා.
මේ ආචාර්යතුමා 1990 ගණන් වල පොළොන්නරුවේ එළි දැකලා... පිටසක්වල ජීවීන් සිටින බවට.. ඒ පිළිබඳව ගවේශණය කරන්න එනවා කියලා... මට අද වගේ මතකයි. එතකොට මට අවුරුදු 14ක් වගේ. සතියකට පසු එතුමා නිවැරැදි කළා ඒවා රථවාහනවල එළි කියලා. මෙතුමා ඒ දවස්වල එක්ස් ෆයිල්ස් බලන්න ඇති වැඩිපුර...
සුදුසුම ස්ථානය පාර්ලිමේන්තුව තමයි..
අපේ ඔලුවට කඩා වැටිලා තියෙන ජිවන බර මදිවට තව අභ්‍යවකාශ මධ්‍යස්ථානයකුත් කඩා වැටෙනවද? මට නම් පිස්සු වගේ.
වැටුනත් මොකෝ. හැබැයි අනේ පාර්ලිමේතුවේ අර 225 ඉන්න වෙලාවක එක උඩටම වැටෙනවානම්! එහෙමවත් වාසනාවක් අපට නැත.
4 වෙනිදා පාර්ලිමේන්තුවට වට්ටන්න ක්‍රමයක් නැද්ද?