(ටී.කේ.ජී.කපිල,ප්‍රසාද් මුතුකුඩ)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සේවකයින් අද (2) ඇරැඹිමට සුදානම් වු උද්ඝෝෂණයක් හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතියේය.
මේ හේතුවෙන් අද උදෑසන සිට ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබිණි.
1994 වසරේ සිට සෑම වසර තුනකට වරක් සේවක වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක වන බවත් එම වැටුප් වැඩිවීම මෙම වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත බවත්, ඒ සඳහා එක් සේවකයකුට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වූ ඉල්ලීම විෂයභාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළ විට,ඔහු එය ඉරා ප්‍රසිද්ධියේ කුණු කූඩයට දැමීම මෙම විරෝධතාවයේ ප්‍රධානතම කරුණ බව විරෝධතාකරුවෝ පැවසුහ.
මෙම රුපියල් 10,000 මුදල ගුවන්තොටුපොළ සේවකයින් මෙන්ම එහි නිලධාරීන් එක්ව දින ගණනාවක් සාකච්ඡා කර ගත් තීන්දුවක් බවද හෙතෙම පැවසීය.
මෙම ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පසුගිය වසරේ රුපියල් බිලියන 11 ක ලාභයක් උපයා ඇති බවත් , සේවකයින්ගේ මෙම වැටුප් වැඩිකිරීම සඳහා වැය වන්නේ එයින් 0.98 ක ප්‍රමාණයක් ඔවුන් සඳහන් කරයි.
මෙසේ තම ඉල්ලීම් වලට පාලක පක්ෂය යහපත් ප්‍රතිචාර දක්වන්නේ ද යන්න හෙට (03) පෙරවරු 9.00 තෙක් බලා සිටින බවත් , එසේ නොවුණහොත් තමන් එතැන සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් ඔවුහු සඳහන් කළහ.
මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක, මත්තල , රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානයේ මෙන්ම, පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට විතරක් රුපියල් 10000 ගානේ වැටුප් වැඩි කරන්නේ මොකද? එතකොට රටේ සේවය කරන අනිත් මිනිසුන්ට මොකද වෙන්නේ?
රටේ මහින්දම ජනපති වෙලා හිටියා නම් හොඳයි කියලා හිතෙන අවස්ථා එමටයි. දැන් මිනිස්සු හරියට වැසිකිළි ගිහින් මලපහ වුනේ නැතත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ. අනේ නැවතත් රටේ බලය මහින්දලාටමයි. එතකොට කාටකාටත් අඩස්සිය හැදිලා ඉන්නකොට තේරෙයි..
ඔවැනි ආයතන වලින් ලබන ලාභයෙන් තමා රටේ "නොමිලේ" අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි දේ පවත්වාගෙන යන්නේ. මෙවැනි රජයේ ආයතන වල සේවකයන්ගේ පඩි, අනිකුත් රජයේ ආයතන වල සේවක පඩි හා සමාන විය යුතු අතර, මෙවැනි ආයතන වල ලාභය සේවකයන් අතර බෙදා දිය යුතු නැත.
ලංකාව පාලනය කරන්න නම් ජයවර්ධන, ප්‍රේමදාස,රාජපක්ෂ වැනි හරි හෝ වැරදි කෙලින් තීරණ ගෙන ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයකු හෝ ඝෝටභය මහතා වැනි ආරක්ෂක ලේකම් වරයකු අවශ්‍යය, මේ යන විදිහට තමන්ගේ කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රසිද්ධ වේදිකාවල විවේචනය කරමින් තමන් නායකත්වය දරන කැබිනට් මණ්ඩලේ විසින් ගනු ලබන තීරණ කවුරුහරි උද්ගෝෂණය කල විට එකවර හිතුමතේ වෙනස් කරනකොට කව්රු කවුරුත් බලන්නේ කොහොම හරි තම අරමුණු ඉටු කරගන්නය. මේ විගඩම් නිසා රටේ ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටෙන අතර, ජිවන වියදම ඉහල ගොස් ජනතාව කබලෙන් ලිපට වැටෙති.