(රංජන් කස්තුරි)
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
මංගල සමරවීර මහතා එසේ පැවසුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ඇමතිවරයා මෙසේද කීය.
“ආර්ථික කමිටුව තවම තියෙනවා. ඒක අහෝසි කරලා නැහැ. ආර්ථික කමිටුව ගැන ඉදිරිපත් කළ කැබැනට් පත්‍රය සති දෙකකට කල් තිබ්බා එච්චරයි. අගමැතිතුමාගේ ආර්ථික කමිටුව තියෙනවා. ජනාධිපතිතුමාගේ ආර්ථික කවුන්සිලයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා. එම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ඇති වන බාධක දුෂ්කරතා ගැන ආර්ථික කමිටුව තීරණ ගන්නවා. ඒවා නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා“ යැයිද මංගල සමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම අවුලක් තියන බව පේනවා නේද? ඉක්මණටම විසඳෙන බවත් පේන්න තියනවා...!
රටකට ගිය කලක්
එහෙනම් රටට වැඩක් නැති නායකයන් සමග දැන්වත් ඒ ආර්ථික කමිටුවත් කුණුකූඩයට දමන්න.
ඉක්මණටම විසඳෙන බවත් පේන්න තියනවා...ලු ඔය ඉක්මන කියන එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඔබගේ ඔය ඉක්මන ඉක්මන් වෙන්න රනිල් සදහටම දේශපාලනයෙන් යා යුතුයි .
දෙගොල්ල දෙපැත්තකට යන බවත් අපි අඳුරට යන බවත් පෙනේ!
මේවා හරියට සුව ඇමතිගේ කැබිනට් පත්‍රිකා වගේ ......................
ආඬි හත්දෙනා හාල් මිට මිට හැලියට දානවා වගේ පෙන්නුවට එකෙක්වත් දැම්මේ නැහැ. ඒක නොවැ 'ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ' කියල කතාවක් හැදුනෙ. මං මේ කල්පනා කලේ ඒ උපහැරනෙද නැත්නම් 'කෝකියො වැඩිවුනහම හොද්ද නරක් වෙනවා' කියන උපහැරනෙද මේකට වැඩිය ගැලපෙන්නේ කියලා.
මේ රටට පුර්ණ බලතල ඇති ජනාධිපති කෙනෙක්ගේ අවශ්‍යතාවය මෙයින් පැහැදිලි වෙනවා. මේ ආර්ථික කමිටුව රට අගාධයකට ඇද දමන දුෂිත එකක්බව පැහැදිලිවම පෙනෙද්දීත්. අනික ජනාධිපතිතුමා අනකලා වහාම මේ කමිටුව අහෝසි කරන්නය කියලා ...ඔ ය විධිහට ගියොත් මෙරට පාලනය කරන්නේ කවුද කියන ප්රශ්නය අනිවාර්යයෙන්ම පැන නගිනවා. මට හිතෙන විදිහටනම් ...දැන් මේ පාර්ලිමේන්තුවේ කාලය ඇතියි කියලයි.
විශිෂ්ඨ තීරණයක්. ආර්ථික කමුටුව මගින් රටේ විශාල වැඩ කොටසක් කරා. ආර්ථිකය ශක්තිමත් කරා.
කෝ අර වොක්ස්වොගන් කාර් කාර්මාන්ත ශාලා? ඡන්ද කාලේ මහා ලොකුවට කිව්ව නේද දාස් ගණන් රස්සාවල් දෙනවයි කයලා. බලනකොට ඕක ගරාජ් එකක්. ජනාධිපතිතුමා කිව්වා නේද මේ නිසා මහා පොල් වත්තක් විනාශ කරයි කියල. හරියට මහා කන්දක් කඩල මීයක් අල්ලපු කතාව.