(රොමේෂ් මධුෂංඛ)
කුප්පි ලාම්පුව ඇගට පෙරළීමෙන් ඇඳුම්වලට ගිනි ඇවිළි යාපනයේ ආනේකෝට්ටේ ප්රදේශයේ අවුරුදු 76 ක කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව අලුයම ආහාර පිසිමින් සිටියදී ළිපේ තබන ලද ව්යංජනයක් බැලීමට රාක්කයක තිබූ කුප්පි ලාම්පුව ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ ඇගට කුප්පි ලාම්පුව පෙරළීමෙන් ලාම්පුවේ තිබූ භූමිතෙල් සිරුරට වැටීම නිසා සිරුරට ගිනි ඇවිලී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොන්නම්බලම් සකුන්තලා දේවී නැමති 76 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ශෝකනීය ආරංචියක්, මේ වගේ පුවත් අහන්න වෙන්නේ ඇයි. මේ රටේ පලකයෝන්ගේ බයිලා කතා නැතුව මේ වගේ ආරංචි එන එක නවත්තන්න පුළුවන් වෙයි.
අවුරුදු හැත්තෑවක් මේ දෙගොල්ල රට පාලනය කරනවා. දැන් දෙගොල්ලම එකතු වෙලා පාලනය කරනවා. එත් අපි තවමත් ඉන්නේ කුප්පි ලාම්පු යුගයේ. ලැජ්ජයි.
හරිම සංවේග ජනකයි. කොළ පාට නිල් පාට විවිධ පාටවලට බෙදිලා දේශපාලකයෝ සුර සැප විඳිනවා. දුප්පතා හැමදාම කබලෙන් ලිපට. ඒ සකුන්තලා දේවි අම්මාට සසරදී එවන් දුකක් නොවේවා!
ඇයි කුප්පි ලාම්පු පාවිච්චි කලේ? ලයිට් පාවිච්චි කරන්න තිබුණානේ . නැත්නම්පා ජෙනරේටර් එකක් පාවිච්චි කරන්න තිබ්බා.