සෙත්සිරිපාය දෙවැනි අධියර පරිශ්‍රයේ පිහිටි සම්පත් පියස කසල මධ්‍යස්ථානය විවෘත කිරීම අද(04) අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සෙත්සිරිපාය 2 වැනි අධියර කාර්යාල පරිශ්‍රයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් ගේ නිවෙස් වල එකතු වන කසල භාරගැනීම සහ එම කර්යාල පරිශ්‍රයෙන් ඉවත් කෙරෙන වෙන් කළ කසල භාරගැනීම සිදු මෙහිදී සිදු වේ.ඒ අතර මේ සදහා ලකුණු ලබාදීමේ ක්‍රමයක් ද පවතී.
එකඩදාසි 1 kg සදහා ලකුණු 6, පොලිතින් 1 kg සදහා ලකුණු 8, ප්ලාස්ටික්1kg සදහා ලකුණු 10, වීදුරු1kg සදහා ලකුණු 2 ලෝහ 1kg සදහා ලකුණු 12 ක්ද පිරිනමනු ලබන අතර ලකුණු 1000 ලබා ගත් පසු ඉලෙක්ට්‍රික් ආහාර බදුනක් සහ ලකුණු 3000 ක් ලබා ගත් පසු කොමිපෝස්ට් බදුනක් ලබා දේ.
අනතුරුව ලබා ගන්නා ලකුණු 1000 ක් සදහාම රැපියල් 1000 බැගින් ලබා ගැනීම ට අවස්ථාව සලසා දී ඇත.
මෙවැනි මධ්‍යස්ථාන රටපුරා ව්‍යාප්ත කරන අතර ලබන මැයි මසදී බත්තරමුල්ල ප්‍රදේශවාසීන් සදහා බත්තරමුල්ල නගරයේ ආරම්භ කිරීමට නියමිතය .
(ඡායාරූප-චතුර එස් කොඩිකාර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙත්සිරිපායේ ‘සම්පත් පියස‘ කසල මධ්‍යස්ථානය විවෘත කෙරේ
Matipahana Wednesday, 04 April 2018 10:05 AM
ඕව හරියට කෙරෙන එක ෂුවර් නෑ. ලංකාවෙනෙ. බඩු නැතුවම ලකුණු ටික වැටිලා තියේවි හිතවත් අයට. තෑග්ගට දෙන බඩු තියේවි නිලධාරීන්ගේ ගෙවල් වල.
priyantha Wednesday, 04 April 2018 10:28 AM
ඉතා හොඳයි.
සපුමල් Wednesday, 04 April 2018 01:10 PM
" අපි යම් යම් දේවල් හිතේ තියාගෙන බලපුවාම ,අපිට පෙන්නේ අපේ හිතේ තියෙන දේමයි. එතකොට හොඳ දෙයක් වුනත් දකින්නේ අපේ තුල ඇති ආකල්ප වලට අනුවයි. ඒක නවත්තගන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕනේ. චම්පික, මගේ මිත්‍රයා, වැඩක් කරන්න පුළුවන්, අලුතෙන් හිතන්න පුළුවන් මිනිහෙක්. ඒ ගැන මම ආඩම්බර වෙනවා. අපිට ඕනේ සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වෙලා ඉදිරියට යා හැකි දැක්මක් තියෙන නායකයෝ මිසක් , දුවන්නන් වාලේ දුවන හාල්පාරු නායකයෝ නෙමේ. චම්පිකට රට වෙනුවෙන් බොහෝ දේ කරන්න තියෙනවා. සුභ පතනවා.