(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස් රථයකට වන අලි රංචුවක් පහර දීමෙන් එහි ගමන් ගත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි.
මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් වේගයෙන් ධාවනය වෙමින් තිබියදී කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී එක වරම වන අලි පහළොස් දෙනෙකුගෙ පමණ රංචුවක් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී මෙම බසය අලි රංචුවේ හැපී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් පසු කළබල වු අලි රංචුව බසයට පහර දී තිබේ.
අනතුරින් පසුව බස් රථය පැදවූ රියදුරු රිය අසුනේම සිරවී විනාඩි 35 ක පමණ කාලයක් සිටියදී ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක් යොදා සිරවී සිටි ඔහු එළියට ගෙන කැකිරාව රෝහලට ගෙන ගොස් තිබේ.
නිතර අලි හුවමාරු වන ප්‍රදේශයක් වන මෙම ස්ථානයෙ මීට පෙරද අනතුරු සිදු වී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඉංගිරිසි මිනිසුන් කළා වගේ අද මොකද නිතර අලි මාරු වෙන තැන් වලට පොලොව යටින් පාරක් (බෝක්කුවක්) හදන්න බැරි?
අධිකරණ නියෝගයකින් ඉබ්බන් 12 දෙනෙකුට අභය දානය දුන්නා වගේ
හයිවේ වගේ මේ වගේ තැන වල වේගය නිරීක්ෂණය කරන උපකරණ සවි කරන්න එවිට රියදුරෝ දඩ කොලේට බයේ වත් හෙමින් යයි වන සත්තු අනතුරු වෙන එක නැති නොවුනත් අනතුරු වල අවමයක් අපේක්ෂා කරන්න පුළුවන්
ඉදිරියේ ඇති බාධකයක නොගැටී රිය නවතා ගත හැකි වේගයකින් රිය නොපැදවීම වරදක් . අලි පාර හරහා මාරු වෙනකොට වේගෙන් ගිහිල්ලා අලින්ව හැප්පුවාට මේ රියදුරාට දඬුවම් කල යුතුයි .
අපේ කට්ටිය හැප්පුවොත් අනිවාර්යෙන්ම පහර දෙනවා. අපිට අහසින් යන්නද කියන්නේ...