(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් සිදුකිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් 7 සහ 8 දිනයන්හි පැවැත්වෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එම දිනයන් ඒ වෙනුවෙන් වෙන්කර තබා ගන්නා ලෙස පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්‍ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලයේ කාලය අපේ‍්‍රල් 30 වැනි දා යින් අවසන් වන බැවින් ඊට පෙර සියලූ ප‍්‍රතිසංවිධාන කටයුතු අවසන් කළ යුතුව ඇතැයිද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශ කළේය.
කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම සමඟ එක්ව පක්‍ෂයේ විය යුතු ප‍්‍රතිසංවිධානයන් ගැන සාකච්ඡා කිරීමෙන් පසුව දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් කර පක්‍ෂය ජයග‍්‍රාහී මාවතකට ගෙන යන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
රජයේ වැඩකටයුතු මෙන්ම පක්‍ෂයේ කටයුතුත් අලූත් ජවයකින්, අලූත් මුහුණුවරකින් ඉදිරියට ගෙන යා යුතු බව ද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමිනි.
මෙහිදී නායකත්වයේ වෙනසක් ගැනත් කතා කරනවාද? යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවසුවේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානය යටතේ අවශ්‍ය වෙනස්කම් ගැන කතාකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ප්රතිසංවිධානයෙන් පසු නීතිය හා සාමය ඇමති ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්න
සභාපති වෙනවා උප සභාපති. උපසභාපති සභාපති වෙනවා. ලේකම් උප ලේකම් වෙනවා. උප ලේකම්, ලේකම් වෙනවා. ඒ වගේ ඒවා තමයි වෙන්නේ.